බහුතරය නොමැතිවීමෙන් පොහොට්ටු පාලනයේ තිබූ බදුල්ල නගර සභාව කොමසාරිස් පාලනයට ගනියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව බලය පිහිටුවා තිබූ බදුල්ල මහ නගර සභාවේ කටයුතු කොමසාරිස් පාලනයකට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

බදුල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයාට මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් සඳහන් කරයි.

මන්ත්‍රීවරු බහුතරයකගේ සහයෝගය නොමැති වීම හේතුවෙන් සභාව අක්‍රීය වී ඇති බවද ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රියන්ත ආරියසිරි නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර නගරාධිපති තේරීමේදී පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර එකඟතාවයකට පැමිණ ඇත්තේ වසර දෙකක කාලයකින් පසුව නගරාධිපතිධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදිය යුතු බවටය. එහෙත් එම එකඟතාවයට කටයුතු නොකිරීම හේතුවෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සහය නොමැති වීම හේතුවෙන් මෙලෙස නගරාධිපතිවරයාට මන්ත්‍රීවරුන් බහුතරයකගේ බලය අහිමි වී තිබෙන බව ද වාර්තාවේ.

Leave A Reply

Your email address will not be published.