හයිඩ් පාර්ක් කෝනර් බජාජ් අවුට්ලට් යළි විවෘතයි

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි 27 වැනි සංවත්සරය සනිටුහන් කරමින්, අංක 75, හයිඩ් පාර්ක් කෝනර්, කොළඹ 02 පරිශ්‍රයේ පැවැති බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානය පසුගිය දා නැවතත් විවෘත කෙරිණි. මෙම නව අලෙවි මධ්‍යස්ථානය වෙතින් බජාජ් වාහනවල දිගු කල්පැවැත්ම තහවුරු කරන සහ හොඳින් ඔරොත්තු දෙන බජාජ් ජෙනුයින් අමතර කොටස් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බජාජ් පාරිභෝගිකයන්ට සුපුරුදු පරිදි පහසුවෙන් මිල දී ගැනීම සඳහා හැකියාව උදා වී ඇත.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සේවා ඩීලර්වරු, ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයෝ, ජෙනුයින් පාර්ට්ස් පාරිභෝගිකයෝ මෙන්ම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ නිලධාරීහු ද සහභාගී වූහ●

 

Leave A Reply

Your email address will not be published.