කුවේටයේ කාන්තා හිරිහැරයට එරෙහිව අසිකා එල් ෆරාඡ් ( Ascia Al Faraj,) මාර්ගගත ව්‍යාපාරයක් දියත් කරයි

Ascia Al Faraj ඉස්ලාම් ධර්මයෙන් ද පුරුෂාධිපත්‍ය තුලින්ද ගැටගසා ඇති කුවේට් ගැහැණිය වෙත සිය දයාවෙි දෑත දිගුකර සිටී. මෙම විසින් ඉදිරිපත්කරන ලද #me too ව්‍යාපාරයට සමානය.2017 දී එක්සත් ජනපදයේ ආරම්භ වූ #MeToo ව්‍යාපාරයවිශාල බලපෑමක් නොකළ රටක ෆරාජ්ගේ වීඩියෝ පටය කුවේටය තුල ගින්නක් අවුලුවා තිබේ.
අසිකා අල් ෆරාඡ් වෘත්තීයෙන් මොස්තර නිරූපිකාවකි. කුවේටය තුල ඉතා ජනප්‍රිය මෙම විලාසිතාකාරිය දියත් කරන ලද සමාජ මාධ්‍ය ව්‍යාපාරයකදී කුවේටයේ කාන්තාවන් පළමු වරට හිරිහැරයට එරෙහිව කථා කිරීම සඳහා ගතානුගතික සම්මතයන් සහ “ලැජ්ජාව නැමති” සංස්කෘතික අංගය උල්ලංඝනනය කරමින් සිටී.
.
අරාබි බසින් “ලාන් ඇස්කට්” නමැති ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙි අර්ථය “මම නිශ්ශබ්ද නොවෙමි” යන්නයි. මේ හරහා කාන්තාවන් හිංසනයට ගොදුරු වීම, හිරිහැර කිරීම හෝ පහරදීම පිළිබඳ සාක්ෂි දුසිම් ගණනක් මතු වී තිබේ. සමස්ථ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් වන කුවේට් පුරවැසියන්ගෙන් මෙන්ම විදේශිකයන්ගෙන්ද
මෙි සමිබන්ධව ප්‍රකාශ නිකුත් වි ඇත.
මිලියන 2.5 කට අධික සමාජ මාධ්‍ය අනුගාමිකයන් සිටින කුවේට් විලාසිතා ශිල්පිනිය ඇෂියා අල් ෆරාජ් පසුගිය සතියේ උඩුගත කරන ලද ඇගේ පුපුරන සුලු වීඩියෝවක් මගින් රට තුළ “ගැටලුවක්” පවතින බව පැවසීය.“මම පිටතට යන සෑම අවස්ථාවකම, වීථියේ මට හිරිහැර කරන හෝ වෙනත් කාන්තාවකට හිරිහැර කරන කෙනෙක් සිටී“ඔබට ලැජ්ජාවක් නැද්ද?,” ඇය අසයි
.“මම ගිණුම විවෘත කළ විගසම වාචික, ශාරීරික හා ලිංගික හිරිහැර අත්විඳින කාන්තාවන්ගෙන් හා ගැහැණු ළමයින්ගෙන් පණිවිඩ ගලා ඒමට පටන් ගත්තා,” ඇය ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සියට පවසා තිබිණි. ‘‘ නිශ්ශබ්දතාවය තවදුරටත් විකල්පයක් නොවේ. සිදුවෙමින් පවතින දෙය පිළිගත නොහැකි නිසා අපි එකිනෙකා සමඟ කතා කළ යුතුයි, එක්සත් විය යුතුයි.‘‘ ඇය එහිදී කියා සිටියාය.
එම සතිය අගදී මුදාහල තවත් වීඩියෝවකින් ෆරාජ් කියා සිටියේ කුවේටයේ සේවය කරන ඉන්දියානු, පකිස්ථාන සහ පිලිපීන කාන්තාවන් විසින් ඇයට “ බැරෑරුමි කථා” ලැබී ඇති බවයි. ‘‘මෙහි සිටින විදේශික ප්‍රජාව ඇදහිය නොහැකි තරම් අවදානමට ලක්ව සිටින අතර සමහර විට කුවේට් කාන්තාවන්ට කිසිදා නොතේරෙන මට්ටමක හිරිහැරයකට ඔවුහු ලක් වේ.
මෙි වනවිට ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහන් මගින්ද ක්‍රියාකාරීන්, නීතිඥ යින් සහ ශාස්ත්‍රඥයින්ද කාන්තා හිරිහැර ප්‍රශ්නය පිළිබද සාකච්ඡා කිරීම සඳහා අසිකා අල් ෆරාස්ට සත්කාරකත්වය ලබා දී ඇති අතර කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ද ඇය පසුපස හඹා ගොස් ඇත.
‘‘ “සහයෝගය දැක්විය යුතු ව්‍යාපාරයක්. එක්සත් ජනපදයේ හෝ කුවේටයේ වේවා කාන්තාවන්ට සිදුවන හිරිහැර වැළැක්වීම සඳහා අප සැමට තවත් බොහෝ දේ කළ හැකිය ‘‘ යයි සදහන් කරමින් තානාපති කාර්යාලය විසින් උද්ඝෝෂණයක් නිරූපණය කරන කාන්තාවන් තිදෙනෙකුගේ කැපී පෙනෙන ග්‍රැෆික් සිතුවමක් ට්වීට් කර ඇත. එහි කාන්තාවන් තිදෙනාගෙන් , එක් අයෙක් මුහුන නිරාවරනය කරද , තව අයෙක් හිස් ආවරණයකින්ද අනෙක් තැනත්තිය මුහුණු ආවරණයකින් වසාගෙනද සිටී සිතුවම යටින් මෙසේ සටහන්ය – “ඇයට හිරිහැර නොකරන්න”
කුවෙිටය එය ගල්ෆ් කලාපයේ වඩාත්ම විවෘත එකක් ලෙස සලකනු ලබන අතර, කාන්තා හිංසනයට එරෙහි නීතියක් පොත්වල පවතින නමුත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සාකච්ඡා තහනම්ව පවතී.
‘‘“ගැහැනු ළමයින් අපකීර්තියට පත්වේ යැයි බියෙන් ඔවුන් සහ ඔවුන්ගේ පවුල් මෙි පිළිබදව කතා නොකරති, නමුත් සමාජයේ මෙම පිළිකාව මඟහරවා ගන්නා තෙක් අපි නතර නොවෙමු” යනුවෙන් අසිකා එල් ෆරාඡ් ඒඑෆ්පී මාධ්‍ය වෙත පවසා තිබිණි.
-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.