මියැන්මාරයේ හමුදා කුමණ්ත්‍රණයට එරෙහිව !

‘ඔබ වැරදි පරම්පරාවක් සමඟ පටලවා ගත්තා’, එක් විරෝධතා දර්ශනයක් මියන්මාරය පුරා විවිධ නගරවල තාප්පවල සහ බිත්ති මත පළ විය.

අන්තර්ජාල පහසුකම් කපා හරිමින් ප්‍රජාතන්ත්‍රීය ලෙස පත්වු මියැන්මාර දේශපාලන නායකයන් අත්අඩංගුවේ රදවා ගනිමින් සහ පුද්ගලයින් පස් දෙනෙකු හෝ ඊට වැඩි ගණනක් එක්රැස් කිරීම තහනම් කරමින්, විශාල පෙළපාලිවලට එරෙහිව “පියවර” ගන්නා ලෙස කුමන්ත්‍රණ නායක ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මිං අවුන් ලයිංගේ තර්ජනය නොතකමින් හා ප්‍රතික්ෂේප කරමින් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් අඟහරුවාදා සිව්වන දිනයටත් අඛන්ඩව මියැන්මාරයේ ප්‍රධාන නගරවල විරෝධතා ආරම්භ කළහ.

අසල්වැසි තායිලන්තයේ වෙසෙන මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සෝ අවුන් පැවසුවේ තරුණයින් පෙලපාලිවලට නායකත්වය දීම දැකීම විරෝධතාකරුවන් ධෛර්යමත් කරන බවත් විරෝධතාකරුවන් නිහඩ නොවන බවට එය අනාවැකි පළ කර සිටින බවත්ය.

‘‘ මම හිතන්නේ ඔවුන් [ජෙනරාල්වරු] විවිධාකාරයෙන් උද්ඝෝෂකයින් බිය ගැන්වීමට උත්සාහ කරන නමුත් විරෝධතාකරුවන් ඉතා අධිෂ්ඨානශීලීව විරෝධයේ යෙදන බවයි. . බොහෝ සිවිල් සේවකයින් විරෝධතාවලට එක්වීම ඉතා දිරිගන්වන සුළුය, ”සෝ අවුන් අල් ජසීරාට පැවසීය.
‘‘වැදගත්ම දෙය නම්, එය සිසුන් සහ තරුණයින් පමණක් නොව රටේ විවිධ ප්‍රදේශවල ජනවාර්ගික සුළුතරයන් ද සිටින විටය. ඉතින්, ඔවුන් පසුබසින්නේ නැහැ. ඔවුන් පසුබසිනවා නම්, ඔවුන් සදහටම ආඥාදායකත්වයේ වහලුන් වනු ඇතැයි ඔවුහු තේරුම් ගනිති.

“මියන්මාරයේ සාමකාමී විරෝධතාවන්ට එරෙහිව අධික ලෙස බලය යෙදවීම සඳහා වන නීති විරෝධී නියෝග නොසලකා හැරීමට ආරක්ෂක හමුදාවන්ට සදාචාරාත්මක හා නීතිමය බැඳීමක් තිබේ” යැයි මියන්මාරයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ටොම් ඇන්ඩෘෘස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය. “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකිරීමට ‘‘ අණ දාමයේ ‘‘ සිටින සියල්ලන්ම වගකිව යුතුය. ‘නියෝග පිළිපැදීම’ යනු ආරක්ෂාවට කාරණයක් නොවේ. ”
සාමකාමී පෙලපාලි වර්ධනය වන විට ප්‍රචණ්ඩත්වයේ අවදානම සැබෑ ය. මියන්මාර හමුදාවට කළ හැකි දේ අපි කවුරුත් දනිමු: සමූහ හිංසනය, සිවිල් වැසියන් ඝාතනය කිරීම, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, වධහිංසා පැමිණවීම සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම යනාදිය. ”ආසියාන් මානව හිමිකම් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ (ඒපීඑච්ආර්) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ටොම් විලරින් පැවසීය.

මීට පෙර 1988 සහ 2007 දී පැවති ඡනතා උද්ඝෝෂණ අතරතුර, කුරිරු මිලිටරි ප්‍රතිචාරය නිසා දහස් ගණනක් මිය ගියහ.
-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.