අද(9) මරණ 5ක් සහ ආසාදිතයන් 975 වාර්තා වෙයි

අද(09) දිනයේ කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.

මෙම පිරිසත් සමඟ වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 370 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස මොරටුව, කැටවල, කපුලියද්ද, අනුරාධපුර, කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ 975 අද දිනයේ මෙරටින් හඳුනා ගත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.40 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

Leave A Reply

Your email address will not be published.