“ගම්පහ නගරය දැඩි අවදානම් නගරයට පැමිණීම සිමා කරන්න”

පසුගිය 6 වෙනිදා ගම්පහ නගරයේ පොදු වෙළඳපොළෙහි කොවිඩ්-19 ආසාදිතයින් 18 හඳුනා ගත් අතර ඉන් පසු ඒ ආශ්‍රිතව දින තුනක් තුළ කොවිඩ්-19 ආසාදිතයින් 58 දෙනෙකු හමුවී තිබේ. මේ සමඟ පවතින අවදානම සළකා නගරයේ කොටසක් සහ එහි සියලුම වෙළඳසල් සහ ආයතන අද (9) සවස සිට නැවත දැනුම් දෙන තුරු වසා දමයි.

මේ වන විට ගම්පහ නගරය දැඩි අවදානම් සහිත ප්‍රදේශයක් බැවින් හදිසි අවශ්‍යතාවයකට හැර නගරයට පැමිණීමෙන් වළකින ලෙස ජනතාවට දැඩි ලෙස අවවාද කිරීමට සිදුව ඇති බව ගම්පහ බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මාධ්‍යයට පවසයි.

පසුගිය ජනවාරි මාසයේ සිට ගම්පහ නගර සීමාවෙහි පමණක් පවුල් 89 කට අයත් 223 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කර ඇත. මේ අතර 11 වන දින නගරයේ වෙළෙඳසල් සහ ආයතනයන්හි කටයුතු කරන්නන් 1000 ක් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගන්නා බව පුරපති එරංග සේනානායක පවසයි.

Leave A Reply

Your email address will not be published.