“පාස්කු කොමිසමේ වාර්තාව ගැන කතා කරන්න විශේෂ කැබිනට් රැස්වීමක් ඉදිරියේදී”

පසුගිය පළමුවෙනිදා ජනපතිවරයා අතට පත් කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ගැන සාකච්ජා කිරීමට විශේෂ දිනයක් ඉදිරියේදී නම් කිරීමට නියමිත බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) කැබ්නට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

ඊයේ දින රැස් වූ කැබිනට් මණ්ඩලය ඒ ගැන සාකච්ජා නොකළ බව රඹුක්වැල්ල අමාත්‍යවරයා සඳහන් කළේය.

කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් තමන්ටත් ලබා දෙන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම් දීමක් කරමින් ඉල්ලා තිබේ.

එසේම අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට විපක්‍ෂය විසින් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක හමුවේදීද ප්‍රකාශ වී තිබිණි.

Leave A Reply

Your email address will not be published.