“කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව කිසිදු තොරතුරක් සැඟවීමට රජයට අවශ්‍යතාවයක් නැහැ”
-වෛද්‍ය සුදර්ශනි පුනාන්දුපුල්ලේ
කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව කිසිදු තොරතුරක් සැඟවීමට රජයට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනි පුනාන්දුපුල්ලේ පාර්ලිමේන්තුවේදී අද(09) පැවසුවාය.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයක් යොමු කළ පාර්ලිමේන්තු හේෂා විතානගේ මහතා පැවසුවේ රජය කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව අසත්‍ය තොරතුරු ජනමාධ්‍ය මඟින් ලබා දීමට කටයුතු කරන බවයි.
මරණ සංඛ්‍යාව සහ නව ආසාදිතයින් සංඛ්‍යාව සැඟවීමට රජය කටයුතු කරන බවට හෙතෙම චෝදනා කළේය.
නව ආසාදිතයින් වාර්තා වන අතරම, සුව වූ ආසාදිතයින් රෝහල්වලින් පිටව යාමද එක විට සිදුවන බැවින් සංඛ්‍යා දත්ත සියල්ල නිවැරදි බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනි පුනාන්දුපුල්ලේ අවධාරණය කළාය.
රෝගය පාලනය කිරීම සඳහා ගතයුතු සෑම පියවරක්ම රජය ගෙන ඇති බවද ඇය සඳහන් කළාය .