වීදි පිරෙන පාද සටනේ පළමු දිනයේම පුළුල් ජනතා සහභාගීත්වයක්

මහජන ආරක්ෂාව බිලි දෙන, එක්සත් ජනපදය ඇතුළු ලෝක බලවතුන් ඉදිරියේ රට පාවාදෙන, බදු බරෙන් හා බඩු මිලෙන් ජනතාව පෙළන, වරාය, තෙල් ටැංකි, ඉඩම් ඇතුළු ජනතාව සතු සම්පත් විදේශයන්ට විකුණන ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වෙන්නැයි බලකරන ජනතා විමුක්ති පෙරමුණේ විසින් වීදි පිරෙන පාද සටන මේ වනවිට කළුතර නගරයෙන් ආම්භ වී මොරටුව දක්වා පැමිණෙමින් තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්, පක්ෂ සාමාජිකයින්, වෘත්තීය සමිති නායකයින් සමග පැමිණෙන මෙම විරෝධතා පාගමනේ අතිවිශාල ජනකායක් සහභාගී වී සිටිනු දක්නට ලැබෙන අතර මේ වනවිට ඔවූහු වාද්දුව ප්‍රදේශය පසුකරමින් සිටිති.

මෙම විරෝධතා පාගමණ අද (07) මොරටුව දක්වාත් ඉන් අනතරුව හෙට (08) මොරටුවේ සිට නුගේගොඩ දක්වාත් පැමිණෙන අතර එදින නුගේගොඩ නගරයේදී විරෝධතා රැලියක් පැවැත්වීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.

5 × two =