ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස්

ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනෙන්නේ 2019 අප්‍රේල් මස 1 වන දිනය. ඒ 2019 වසරේ පෙබරවාරි මස දිනක, ඔහු විසින් “අර්ධ” නම් කෙටි කතාවක් ලියා තම ෆේස්බුක් ගිණුමේ පොස්ටුවක් ලෙස පළ කිරීම හේතුවෙනි.

මාස 4 කට අධික කාලයක්, ඇප ලබා නොදෙමින් අයුක්ති සහගත ලෙස සිර ගත කරන ලද ලේඛක ශක්තික සත්කුමාරට 2019 අගෝස්තු 05 ඇප ලබා දීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර  නියෝග කළේය. ශක්තික සත්කුමාර ශ්‍රී ලංකාවේදී කෙටි කතාවක් ෆේස් බුක් (facebook) හි ලියා පළ කිරීම හේතූ කොට ගෙන සිරගත වූ පළමු පුරවැසියා ද වෙයි.

මේ දක්වා එහි නඩු කටයුතු සිදු වූ අතර අද (09)දින අධිකරණය විසින් ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස්කර තිබේ.

ශක්තික සත්කුමාර කවියෙකු, කෙටි කතාකරුවෙකු, නව කතා කරුවෙකු ලෙස ප්‍රබන්ධ කතා සාහිත්‍යය කරණයේ මෙන්ම සාහිත්‍ය න්‍යාය, විචාරය ආදී ශාස්ත්‍රීය ග්‍රන්ථද, බුදු දහම ආශ්‍රිත මෙන්ම වෙනත් විවිධ විෂයික ග්‍රන්ථ 28 කට ආසන්න සංඛ්‍යාවක් රචනා කොට ඇති ඔහු පුවත් පත් ලිපි සංග්‍රහයන් රැසක් ද , නාට්‍ය පිටපතක් සඳහා සම කර්තෘවයද ලබා දී තිබේ.

 

 

Leave A Reply

Your email address will not be published.