SLTC සහ Deakin University එක්වේ

ඉංජිනේරු හා තාක්ෂණික අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක් වන Sri Lanka Technological Campus (SLTC), මෑතක දී කොළඹ SLTC Trace Expert City හි දී Virtual ක්‍රමයට පවත්වන ලද විශේෂ උත්සවයක දී ඕස්ට්‍රේලියාවේ Deakin University සමඟ ඇති කරගෙන තිබෙන හවුල්කාරීත්වය තව දුරටත් දීර්ඝ කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් තැබී ය. මෙම අවස්ථාවට සමගාමීව, Centre for Global Education ආයතනය නිල වශයෙන් ආරම්භ කිරීම ද සිදු කරන ලදී.

හවුල්කාරීත්වය අලුත් කිරීමේ ගිවිසුම සඳහා Deakin University වෙනුවෙන් එහි නියෝජ්‍ය උපකුලපති (ජාත්‍යන්තර සම්බන්ධතා) මහාචාර්ය ගැරී ස්මිත් විසින් ද, SLTC ආයතනය වෙනුවෙන් එහි නිර්මාතෘ, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු රංජිත් ජී. රූබසිංහ මහතා විසින් ද අත්සන් තබනු ලැබී ය.

මෙම හවුල්කාරීත්වය යටතේ කෘත්‍රිම බුද්ධිය, පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂණය සහ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව යන විෂයයන්ට අදාළව Deakin University ys Bachelor of Artificial Intelligence, Bachelor of Computer Science, Bachelor of Information Technology iy Bachelor of Software Engineering උපාධි පාඨමාලා 4ක් හැදෑරීමේ අවස්ථාව SLTC මඟින් ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබා දෙනු ඇත●

Leave A Reply

Your email address will not be published.