“වීරවංසගෙ පක්ෂයේ විදෙස් ඔත්තු සේවාවලින් පඩි ගන්න දොස්තරලා දෙන්නෙක්”
විදෙස් ඔත්තු සේවාවලින් පඩි ලබන දොස්තරලා දෙදෙනෙක් විමල් වීරවංසගේ පක්ෂයේ සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහකාර ලේකම් රේණුක පෙරේරා කියයි.
අද පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මන්ත්‍රීවරයා සමඟ පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
වීරවංස අමාත්‍යවරයා තවදුරටත් පොදුජන පෙරමුණේ නායකත්වයට පහර දෙමින් කටයුතු කරන්නේ නම් එම දෙදෙනා ගේ නම් සහ පැටිකිරිය එළිදරව් කරන බවද බවද ඔහු පවසා ඇත. ඔත්තු කරුවන් දෙදෙනාම වෛද්‍යවරුන් බව රේණුක පෙරේරා තව දුරටත් කියා සිටියේය.