“මේක විමල්ගේ තර්ඩ් ක්ලාස් ප්‍රකාශයක්”

පොදුජන පෙරමුණේ නායකත්වය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කළ යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජනතාවගෙන් සමාව ගතයුතු බව පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි. පොදුජන පෙරමුණේ අද (08) පැවති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

“විමල් වීරවංස මහත්තය පත්තරයකට කියල තියනවා මහින්ද රාජපක්ෂව පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත් කොට ගෝටාභය රාජපක්ෂ මහතාට ලබා දිය යුතුයි කියල. පොදුජන පෙරමුණ යනු විමල් වීරවංශ මහතාගේ පක්ෂය නෙමෙයි, ඒ නිසා පොදුජන පෙරමුණේ ගැටලු ගැන ප්‍රකාශ නිකුත් කිරීමට ඔහුට කිසිම අයිතියක් නෑ.”ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම ප්‍රකාශය තුන්වැනි පංතියේ ප්‍රකාශයක් ලෙස සඳහන් කළහැකි බවයි.

මෙවැනි පුද්ගලයෙකු නායකත්වය දරන පක්ෂයක් තම පක්ෂයද සමග සන්ධානගතව සිටීම සම්බන්ධයෙන් කණාගටුවට පත්වන බවද සාගර කාරියවසම් පවසයි.

පසුගියදා වරාය නැගෙනහිර ජැටිය පිළිබඳව ප්‍රශ්නයේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදෙන බව දැනගෙන අවසාන මොහොතේ විමල් විරවංශ බොරු රංගනයක නිරතවූ බවද සාගර කාරියවසම් මන්ත්‍රීවරයා  පැවසීය.

Leave A Reply

Your email address will not be published.