අද කොරෝනා ආසාදිත මරණ 9ක් සහ නව ආසාදිතයන් 878 ක්
මෙරට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (8) දිනයේ තවත් පුද්ගලයන් 9 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.
මේ සමඟ කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 365 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පිරිස කොළඹ 15, කොළඹ 12, අනුරාධපුර, කුරුණෑගල, මිගමුව , කයිට්ස්, හොරණ, ගුරුදෙනිය, මාවනැල්ල.යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.
මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 878 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 20.05 ට නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.