පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් කාදිනල් හිමියනුත් ඉල්ලයි

2019-අප්‍රියල් 21 ලෝකයම කම්පා කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් තමන්ටත් ලබා දෙන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම් දීමක් කරමින් ඉල්ලා තිබේ.

එම අවසන් වාර්තාවේ සඳහන් නිර්දේශ ගැන කඩිනමින් තමන්ව දැනුවත් කරන ලෙසයි උන්වහන්සේ ඉල්ලා සිටියි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට අද (08) පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක හමුවේදීද ප්‍රකාශ වී තිබිණි.

පසුගිය1 වැනිදා එම කොමිසමේ සාමාජිකයින් විසින් අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දීම සිදුවිය. පසුගිය නිදහස් දා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතුකරන බවයි.

Leave A Reply

Your email address will not be published.