“පැණිය බිව්වත් එන්නත ගන්න”

පැණිය බිව්වත් එන්නත ගන්න – ද.අප්‍රිකානු පැණිය ගැන නිෂ්පාදකයෝ කියති !

දකුණු අප්‍රිකාවේ පාරම්පරික වෛද්‍යවරුන් පිරිසක් කොරෝනා වෛරසය හා සම්බන්ධ රෝගාබාධවලින් සහනයක් සලසන ශාකසාර අඩංගු ඖෂධයක් නිපදවා තිබෙන බව පවසයි.

M5 Medigroup නම් ආයතනයේ ප්‍රධානී මොගාලේ මොගාලේ පවසන්නේ මෙයින් කෝප්පයක් උදේ සවස පානය කිරීමෙන් හුස්ම ගැනීමේ අපහසුව ආදී කෝවිඩ්-19 ආශ්‍රිත රෝගාබාධ පාලනය වන බවයි.

මේ වන විට කෝවිඩ්-19 ආසාදනය වූ 500 දෙනකුට මෙය ලබාදී ඇති බවත්, ඔවුන්ට එයින් සහනයක් ලැබුණු බවත් ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම ඖෂධය ලබාගත්තේ යැයි කෝවිඩ්-19 එන්නත් ලබා නොගැනීම සිදු නොකළ යුතු යයි ද ඔහු අවධාරණය කර සිටී.

Leave A Reply

Your email address will not be published.