සුමන්තිරන් STF ආරක්ෂාව ඉවත් කරයි

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ සුමන්තිරන් වෙත ලබාදී තිබුණු විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඊයේ (07) රාති‍්‍රයේ සිට හදිසියේම ඉවත් කර ඇති බව මන්ත්‍රීවරයා පවසයි.

මෙලෙස විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඉවත්කරන බවට කිසිදු පෙර දැනුම්දීමක් සිදු නොකෙරුණු බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වශයෙන් ලැබෙන පොලිස් ආරක්ෂාව එයාකාරයෙන්ම තිබෙන බව සඳහන් වේ.

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පැවති පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා පාගමන අවසානය දක්වාම සුමන්තිරන් මන්තී‍්‍රවරයා සහභාගී විය. විශේෂ ආරක්ෂක අංශයට ද එම පාගමනට මන්ත්‍රීවරයා සමඟ එක්වීමට සිදුවිම පිළිබඳ සොයා බැලීමක් සිදු කිරීමට මෙලෙස ඔහුගේ විශේෂ ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.