කෝට්ටේ මහ නගර සභාවේ කොවිඩ් රෝගීන් 21ක්

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා කාර්යාලයෙන් කොවිඩ් රෝගීන් 21ක් හඳුනා ගත බව කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගෝ අද(8) පැවසීය.

එම ආසාදිතයන් යාපනය, පුත්තලම, කොළඹ කොවිඩ් රෝග ප්‍රතිකාර ඒකක වෙත යොමුකර ඇති බව ද පවසයි.

පසුගිය දිනවල කෝට්ටේ නාගරික මන්ත්‍රීවරුන් තිදෙනකුට සහ සේවක පිරිසකට කොවිඩ් රෝග ආසාදනය වූ අතර ඉන් එක් මන්ත්‍රීවරයෙකු තවමත් ප්‍රතිකාර ලබන බව සඳහන් කළ ඒ මහතා වාර්තා වූ රෝගීන් 21දෙනාගෙන් 10දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවද පැවසීය. එසේ හඳුනා ගනු ලැබූ රෝගීන්ගේ ආශ්‍රිතයන් ලෙස පවුල් 60ක පුද්ගලයන් ස්වයං නිරෝධානය ට යොමු කර ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.