කතරගම පාරේ ආයේ කුණු දාන්න එපා … නඩු දානවා

බුත්තල කතරගම පාරේ අලි කිහිපදෙනෙක්ම ඉන්නවා පාරේ යන එන අයගෙන් කන්න බලාගෙන ඉන්න..ඒකට පුරුදු කරලා තියෙන්නේ අපේම අයමයි . කැලෙන් හොයාගෙන කන්න තියෙන අවස්ථාව අහුරලා ලඟටම දෙන නිසා උන් කිහිපදෙනා පාරට වෙලා ඉන්නවා යන්නේ නැතුව පසුගිය කාලය පුරාම එහෙම කෑම දුන්නේ නැති වාහන කිහිපයකටම අලාභ හානි කලා…

මම වන ජිවි නිළධාරින් එකක වැටලිමකට ගිහින් ආපහු එන වෙලාවෙත් ලොරියකින් ආපු දෙන්නෙක් කෙසෙල් කොළ ගොඩක් පාර අයිනට දාලා යන්න සුදානම් වුනා.. ඒ වෙලාවේ වාහනෙන් බැහැලා ඔවුන් ලගට ගියපු වල්ලිඅම්මාර වනජිවි කාර්යාලයේ සේවය කරන වනසත්ව අඩවි ආරක්ෂක සි පි අත්තනායක මහතා ඒ පුද්ගලයින්ට බොහො කාරුනිකව ආමන්ත්‍රණය කලා මේ විදිහට….

නිළධාරියා – මොකෝ මාමේ කරන්නේ …
මාමා- අලින්ට කන්න කෙහෙල් කොල ටික්ක දැම්මා
නිළධාරියා – එහෙම දාන්න පුලුවන්ද…කැලේට
මාමා- දන්නේ නෑ..
නිළධාරියා – කන එක කතාව හරි ගමෙන් එලියට පැනලත් කනවා . ගෙනල්ලා දුන්නමත් කනවා එහෙම කියලා කැලේට මෙහෙම දානේන පුලුවන්ද
නිළධාරියා – දාගන්නකෝ ඔක්කොම ටික වාහනේට ආපහු
නිළධාරියා – සත්ව කරුණාව හොදයි ඒ වුනාට කැලේට දාන්න බෑ
නිළධාරියා – කෑම දාන්න එපා පරිස්සමෙන් යන්න
නිළධාරියා – ආයේ දාන්න එපා නඩු දානවා
මාමා- කවුරුවත් හිටියේ නෑ ඒකයි දාලා යන්න හිතුවේ .
නිළධාරියා – ආයේ දාන්න එපා හොදේ …

ඒ දෙබස් මොනතරම් සුන්දරද…නිතිය ක්‍රියාත්මක කරනවාට වඩා තේරෙන සිංහලෙන්ම කියලා දුන්නා
.ආයේ කැලි කසල වත් අලින්ට කන්න දෙන්න වත් මොහොතකටවත් හිතන්න එපා ….අපිට ආස හිතුනට ඒක සතාට කරන ලොකු හානියක් …
ඉස්සරහට එහෙම සත්තුන්ට කන්න කෑම දාන අය අහුවුනොත් අනිවාරයෙන්ම දඩයක් ගෙවන්න සිදුවේවි…

✍ සටහන: ගයාන් කහදමෝදර ..

Leave A Reply

Your email address will not be published.