මෙරටින් තවත් පුද්ගලයන් 5 ක් මියයයි, මුළු සංඛ්‍යාව 356 ක්

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටින් තවත් පුද්ගලයන් 5 දෙනෙකු අද (7 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇති අතර මියගිය මුළු සංඛ්‍යාව 356 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මියගිය පුද්ගලයන් වක්වැල්ල, වැලිමඩ, පමුණුගම, කොළඹ 15, දුම්මලසුරිය ප්‍රදේශ වලින් වාර්තා විය.

මේ අතර අද දිනයේ කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 772 ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 20.25 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 69,348 ක් වාර්තා වී තිබේ. මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5596 කි.

Leave A Reply

Your email address will not be published.