නිදහස් උලෙළට සහබාගි වූ සිවිල් ආරක්ෂක භටයන් 6කට කොරෝනා

ඉකුත් 4 වෙනිදා ජාතික නිදහස් උත්සවයට සහබාගිවීමෙන් පසු ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා උසස් පුහුණු පාසැලේ නිරෝධායනය වන සෙබළුන් 6 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදිතව ඇති අතර මේ වනවිට එම කඳවුරට ඇතුළුවීම හා පිටවීම නවතා ඇති බවත් පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

නිදහස් උත්සවයට එක්වූ සිවිල් ආරක්ෂක භටයින් 140 දෙනෙකු මේ වනවිට ගල්කිරියාගම කඳවුරේ නිරෝධායනය වෙමින් සිටින අතර, ඒ අතරින් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භටයින් 07 දෙනෙකු ඊයේ සවස හදිසියේ දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඉන් ගල්කිරියාගම 6 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු කරගත් බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නරේන්ද්‍ර ප්‍රේමරත්න පවසයි.
තවත් සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් 50 දෙනෙකු පමණ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව ද ඒ මහතා පවසයි. එම පිරිසගේ පීසීආර් සාම්පල ලබා ගැනීමට මේ වනවිට ආරම්භ කර තිබේ.

Leave A Reply

Your email address will not be published.