විජමූ ලොකුබණ්ඩාර අයි ඩී එච් රෝහලට
පසුගියදා කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කතානායක විජමූ ලොකුබණ්ඩාර අද අයි ඩී එච් රෝහල වෙත ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මගින් සනාථ කරයි.
කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් පසුගිය 3 වැනිදා ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.