JAT Holdings පිය-පුතු දෙපළ විශිෂ්ටතම ශ්‍රී ලාංකිකයන් ලැයිස්තුවේ

JAT Holdings සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුතු වන, JAT Holdings සමාගමේ අධ්‍යක්ෂ සහ ක්‍රමෝපායික සැලසුම් ප්‍රධානී රිචඩ් ගුණවර්ධන මහතා LMD ව්‍යාපාරික සඟරාව මඟින් නම් කරන ලද 2020 විශිෂ්ටතම ශ්‍රී ලාංකිකයන් අතරට එක් වීමට සමත් වී සිටිති.

ඊලියන් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ වර්ධනයට උරදෙන විශිෂ්ටතම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් 100 දෙනා අතරට ද එක් වී සිටින අතර, රිචඩ් ගුණවර්ධන මහතා ‘Leading Millennials’ 25 දෙනාගේ ලැයිස්තුවට එක් වී සිටී. එසේම ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පිරිනැමූ, ‘වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකික ව්‍යවසායකයා’ සඳහා වන ප්ලැටිනම් සම්මානය ද ඊලියන් ගුණවර්ධන මහතා වෙත හිමි විය●

Leave A Reply

Your email address will not be published.