ජීවිතය හා සතුට

ජීවිතය පිළිබඳ විවිධ අය විවිධ දේ පවසතත්, සැබැවින් ම ජීවිතය යනු කුමක් දැයි තමන්ම සොයා ගත යුතු වේ. එබඳු අය අතර ආගමික නායකයන් ප්‍රමුඛ වේ. ඒ කවුරුන් දැයි මෙහිලා සටහන් නොකළත්, ඒ කවුරුන් දැයි අපි දනිමු. ඒ සැවොම ජීවිතය සොයා ගත්තේ බොහෝ වෙහෙසී බව නම් සැබෑවකි.

ජීවිතය විටෙක සොඳුරු ය. තවත් විටෙක එහි ඇත්තේ නීරස ගුප්ත බවකි. මේ දෙකරුණ ම අපි විවිධාකාරයෙන් විඳින්නෝ වෙමු. සොඳුරු දිවිය තුළ සතුට අධික කාමභෝගී බව ඇත්තේ ය. ඇතැමකු එය සතුට ලෙස දුටුව ද එහි ඇත්තේ ද දුක ම බව එක් සපතේරුවකුගේ කතාවෙන් පෙනේ. ඒ මෙසේ ය: එක් සපත්තු මසන්නෙක් ධනපති නිවැසියකුගේ ගෙයි ඉදිරිපිට දිනපතා සපත්තු මැසීමේ නිරතව සිටියහ. එහෙත්ඳ ඔහු ඉතා සතුටින් සුරුහම්බාමින් තම කටයුත්තේ නිරත වූ අතර මුලින් කී ධනවතා මොහු කෙරෙහි අනුකම්පාවෙන් ඔහුට කිසියම් ධනයක් ලබා දිණි. ඉන් අනතුරුව සපතේරුවාගේ සතුට අහිමි විය. ඒ වෙනුවට ඔහු අර ධනය ආරක්ෂා කිරීමේ නිරත විය. පසුව එක් දිනක් ඔහු ධනපතියා දුන් මුදල නැවතත් ඔහුට ම ලබා දී තම සතුට පෙර පරිදි සොයා ගත්තේ ය. එබැවින්, අපට පෙනී යනුයේ ධනය යනු සතුට නොවන බව නොවේ ද?

සතුටේ එක් සීමා මායිමක් ලෙස මුදල් පෙන්වා දිය හැකි ය. එහෙත්, මුළු දිවියම ධනය නොවන්නේ ය. සතුට වෙනුවෙන් අපි විවිධ දෑ උපයන්නන් වෙමු. ඒ තුළ එක් මාත්‍රාවක් පමණි මුදල්. ජීවිතය සොයා යන්නවුන් අතුරෙහි මුදල් පමණක් සොයා යන්නවුන් ද නැත්තේ නොවේ. එහෙත්, දිවිය ම දිය කර මේ සොයනුයේ ජීවිතය දැයි සිතන්නට කාලය එළැඹී ඇත.

‘ගලන ගඟකි ජීවිතේ’ යන රූපකය එහි ගැඹුර හා හැලහැප්පිලිවල ස්වභාවය කියයි. එපමණක් ද නොව දෘශ්‍යමානනය කරයි. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීම තරමේ දුෂ්කරව ලද දිවිය නිකරුණේ දිය කර, පා කර හරිනවා වෙනුවට දිවිය ම ජීවත් කරවීම සදා වන්දනීය කරුණක් වනු ඇත.

 

නිමල් බණ්ඩාර
Leave A Reply

Your email address will not be published.