73 වන නිදහස් දිනයට එංගලන්තයේ සුද්දා එවූ පණිවුඩය

ඉන්දියන් සයුරේ මුතු ඇටය ලෙසත්, ආසියාවේ පරාදීසය ලෙසත්, ආසියාවේ ආශ්චර්යමත් දූපත් රාජ්ය ලෙසත් ආදී විවිධ විශේෂණ නාමයන්ගෙන් හැඳින් වූ ශ්රී ලංකාව අප ගේ අධිරාජ්යයෙන් නිදහස ලබා ගත වන 73 වන වසර සැමරීම ගැන සතුටු වෙමි. එහෙත් සතුටු විය නොහැකි බොහෝ කාරනා ද තිබේ. ඒවා සියල්ල ඉතා කෙටි ලිපියකින් දැක්විය නොහැකි වුණත් සංක්ෂිප්ත ව දක්වමි.
මිනිස් ශිෂ්ඨාචාරය අද පවතින කිසියම් ශිෂ්ඨ තත්වයකට පත්වන්නට වසර දහස් ගණනක් ගතවුණේය. මිනිස් සමාජයන් ශිෂ්ඨාචාරය ශිලාචාර වෙමින් පැමිණි විවිධ කාල වකවානු වල එතරම් ශිෂ්ඨ සම්පන්න නොවූ අවධි වල දකුණු ඇමරිකාවේ රටවල් ද. අප්රිකාවේ රටවල ද, ආසියාවේ රටවල් ද යටත් කරගත් යුරෝපයේ අපේ මුතුන් මිත්තෝ ඒවා තමන් ගේ අධිරාජ්ය පෝෂණය කරන යටත් විජිත ලෙස ඉතා කෲර අන්දමින් පාලනය කර බව ඇත්තකි. අද අපි ඒ ගැන ලැජ්ජා වන අතර අප යටත් විජිත යුගය, පශ්චාත් යටත් විජිත යුගය ආදිය පසු කොට ගෝලීය යුගයට පැමිණ ඇත්තෙමු. ගෝලීය යුගයේ දී ලෝකයේ කිසිදු රටකට තනිව පැවැතිය නොහැකි අතරම මීට සියවස් කිහිපයකට පෙර පැවැති ආකාරයෙන් යටත් විජිත වශයෙන් රටවල් පවත්වාගෙන යාමද කළ නොහැකි බව අපද, ශිෂ්ඨ සම්පන්න අනෙකුත් ජාතීන් ද පොදුවේ පිළිගන්නා කාරණයකි. මේ ගෝලීය යුගයේ අප තවත් රටක් සූරා කන්නේ නම්, ඒ ඒ රටවල් ණය බරින් මිරිකා අගාධයට ඇද දමන්නේ නම්, යුද කාලකොලහාල ඇති වීමට මග සලසන්නේ නම් අපගේ පැවැත්ම ද අනතුරේ වැටෙන බව අප දනිමු. ඒ කෙසේ ද?
ශ්රී ලංකාව පමණක් නොව ලෝකයේ දියුණු වෙමින් පවතින අනෙකුත් ආසියානු, අප්රිකානු සහ දකුණු ඇමරිකානු රටවලට රටවලට බ්රිතාන්ය මෙන්ම ලෝකයේ දියුණු රටවල් උදව් පදව් කරන්නේ, ණය අධාර ලබා දෙන්නේ වෙනත් භෞතික ආධාර උපකාර කරන්නේත් නුඹලාගේ රටවල් දියුණු වුවහොත් පමණක් අපගේ ද දියුණුව සැලසෙන බැවිනි. එලෙස වන්නේ කෙසේ ද? අපි ද, යුරෝපා සංගමය ද, යුරෝපයේ රටවල් තනි තනි වශයෙන් ද, ඇමරිකාව , කැනඩාව, ජපානය ආදී දියුණු රටවල් විශාල වශයෙන් නුඹලාට ණය ආධාර ලබා දෙන්නේ නුඹලාගේ රට ආර්ථික වශයෙන් දියුණු කිරීමටය. එවිට පමණි අප නුඹලාට ලබා දුන් ණය පොලිය ද සමග අය කරගත හැකි වන්නේ. එවිට පමණි අපි නිෂ්පාදනය කරන තාක්ෂණික උපකරණ, වෛද්ය විද්යාත්මක උපකරණ, ඖෂධ, ආහාර සහ වෙනත් සේවාවන් නුඹලාට අලෙවි කරගත හැකි වන්නේ. නුඹලාගේ රට සංවර්ධනය නොවී, ආර්ථිකමය වශයෙන් පිරිහීමකට ලක්වන්නේ නම්, ඒක පුද්ගල ආදායම අඩුවී යයි නම් අපගේ නිෂ්පාදන හෝ සේවාවන් අලෙවි කර ගැනීමට නොහැකිය. එවිට අපගේ පැවැත්ම ද අනතුරකට ලක්වේ. මෙන්න මේ පොදු සාධකය නිසා එංගලන්තය මෙන්ම යුරෝපයේ අනෙකුත් රටවල් ද, ඇමරිකාව, කැනඩාව, ජපානය, ද. කොරියාව ආදි දියුණු රටවල් නුඹලාගේ රට සංවර්ධන වනවාට දකින්නට කැමතිය. මේ නිසා අප වැනි රටවල් වල රජයන් මගින් සෘජුව ද, රාජ්ය නොවන සංවිධාන හරහා වක්රවද නුඹලාගේ රටේ ප්රජාතන්ත්රවාදය, සංහිඳියාව, සාමය, කාන්තා හා ළමා අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම් සහ දේශපාලන ස්ථාවර භාවය, ආණ්ඩුක්රම ප්රතිසංස්කරණ, නීතියේ ආධිපත්ය සුරක්ෂිතව පවත්වාගෙන පවත්වාගෙන යාමට අපි උදව් කරමු. මන්ද නුඹළාගේ රාජ්ය ආයතන වලට පමණක් මේ අරමුණු වලට ලඟා වීමට නොහැකි නිසාය. එක් පැතකින් නුඹලාගේ රාජ්ය ආයතන අතිශය පසුගාමී වන අතර තවත් පැත්තකින් ලෝකය වෙනස් වන ආකාරයට ඉක්මනින් වෙනස් නොවේ. එමෙන් නුඹලාගේ රාජ්ය ආයතන වල තිබෙන යල් පැන ගිය නීති – රීති, සම්ප්රදායන් සහ චක්රලේඛ තුළින් නවීන රාජ්යයක් දක්වා දියුණු ගමනක් යා නොහැකිය. එවැනි කරුණු නිසා අපි ද දියුණු අනෙක් රටවල් ද නුඹලාට ආධාර, උදව් – උපකාර කරයි. එ්වා ආණ්ඩු – ආණ්ඩු අතර කෙරෙන ගණු දෙනු මෙන්ම රාජ්ය නොවන සංවිධාන හරහා ඇති යාන්ත්රණ හරහාද සිදු කෙරෙයි. එමෙන්ම ඒවා ගේ හුවමාරු මුදල් ඒකකය වන්නේ ඩොලර්ය. එහෙත් නුඹලාගේ ඇති විලිලැජ්ජා නැති කම අන් කිසිවක් නොව වරකට වසර හතරක පහක කාලයක් පුරා ඒවා  භුක්ති විඳින නුඹලා ඡන්දයක් ලං වුණු විට නූගත් මෙන්ම අවස්ථාවාදී දේශාපාලඥයින්ට කුමන්ත්‍රණ  න්‍යායන්ට  හසු වීමය.
ඡන්දයක් ලං වන විට අප ලබා දුන් දේ අමතක කරන නුඹලා අපගේ සේවා වන් ලබා දෙන ආයතන මෙන්ම මුදල් ද ජාත්‍යන්තර කුමන්ත්‍රණ, ඩොලර් පිල්ලි, එන්ජීඕ කාක්කො ආදී නම් වලින් හඳුන්වා පරිභව කරයි. ඡන්දයකින් පසු නැවත ඒවා අමතකවන අතර විලි ලැජ්ජාවක් නැතිව අප දෙන දේ නැවත බුක්ති විඳීන්නට පටන් ගනී. ඒවා ලබා ගැනීමට නුඹලාගේ රටේ දේශපාලඥයෝ අප ඉදිරියේ බැගෑපත් වෙති. නුඹලා එන්ජීඕ ගැන කියන්නේ නම් එක්තරා විදිහකට ලෝකයේ ලොකුම එන්ජීඕ එක වන ලෝක බැංකුවෙන් ඩොලර් ගෙන රට දුවවන බව නුඹලා නොදන්නවා සේය. එක්තරා දේශපාලඥයකු ලෝක බැංකුවට ලංකාව සම්බන්ධ කර ඇති ප්ලග් එක ගලවනවා යයි කීවා මට මතකය. එහෙත් එම ප්ලග් එක තාමත් ලෝක බැංකුවට සවි වෙලාය. චන්දය කාලයට නුඹලා මේ කපටි දේශපාලඥයින්ගෙන් චූන් වන අන්දම අපට සිතා ගත හැකිය. එපමණක් නොව නුඹලාගේ ඉදිරියේ අධිරාජ්යවාදී රටවලට, සුද්දන්ට, බටහිර රටවල බනින දේශපාලඥයෝ තම දරුවන් ඉගැන්වීම පිණිස එවන්නේ අප රටවලටය, දේපල මිළදී ගන්නේ හෝ ද්විත්ව පුරවැසි භාවය සොයන්නේ අප වැනි බටහිර රටවලිනි. විනෝදය පිණිස එන්නේ ද අප රටවලටය. ඊටත් වඩා හපන් උඹලාගේ බොහෝ වාමාංශිකයෝ එන්නේම යුරෝපයේ දියුණු ධනේෂ්වර රටවලටය. නැතිනම් ලෝකයේ මහා ධනේෂ්වර රටවූ ඇමරිකාවට ය. ඒ බොහෝ දෙනා රුසියාවට, කියුබාව හෝ උතුරු කොරියාව දෙස හැරී බල්නේවත් නැතිය.
බොහෝ සමාජ, ආර්ථික සහ දේශපාලන ගැටළු වලදී නුඹලාගේ දේශප්රේමී නායකයින් ඇතැම් විට අපට එකක් කියන අතර උඹලාට වෙන එකක් කියන බවවත් නුඹලා දන්නේ නැත. අනෙක් පැත්තෙන් බටහිර රටවල දියුණු කොන්දේසි, වග වීමේ ක්රියාවලියට යටත්ව ණය ආධාර මුදල් ගැනීමට අකමැති නුඹලාගේ රටවල දේශප්රේමී නායකයින් ලෝකයේ තිබෙන ඒකාධිපති රටවල් හොයාගෙන යන්නේ ඒවායෙන් ඩීල් සහ කොමිස් ද ගැසිය හැකි නිසාය. එපමණක් නොව නිදහස් දිනට ලොවෙත් නැති දේශප්රේමිත්වයක් පෙන්වමින් සුද්දාට බැන්නාට, බටහිර රටවලට බැන්නාට අනෙක් දවස් තුන්සිය හැට හතරේම නුඹලාගේ බහුතරයක් උත්සහ ගන්නේ කෙසේ හෝ වීසා ගසාගෙන රටෙන් පැන ගෙන සුද්දන්ගේ රටවල් වලට පැමිණීමටය. මන්ද අපේ රටවල් සමාජ, ආර්ථික හා දේශපාලන වශයෙන් අත්පත් කරගෙන ඇති දියුණුව නිසාය.
නුඹලාගේ ජාතික ආදායමෙන් වැඩි හරියක් පෝෂණය වන්නේ බටහිර සුද්දන්ගේ රටවල ගෞරවාන්විතව, මහන්සි වී සේවය කරනා නුඹලාගේම ජනතාව නිසාය. නුඹලාගේ අධ්‍යාපනය , නීති ක්‍රම, ආණ්ඩුක්‍රම , සෞඛ්ය, තාක්ෂණය, විද්යාව ආදී මෙකී කී නොකී බොහෝ දෙයක්ම නිර්මාණය වී ඇත්තෙ බටහිර දැණුම මත පදනම්වය. ඓතිහාසිකව ගත් විට නුඹලාගේ ශිෂ්ඨාචාරයේ යම් යම් යුගවල දියුණු ශිල්ප ක්රම, තාක්ෂණය, ගෘහ නිර්මාණ ක්රම, වෙදකම් ආදිය තිබුණු බව සත්යයකි. එහෙත් ඒවා මේ නවීන යුගයට ප්රමාණවත් වන්නේ නැත. නුඹලා හැමදාම කරන්නේ අපේ කම, අපේ දේ ආදිය ගැන කියමින් පුරසාරම් දෙඩීමය. ඒ හැර එලෙස තිබුණා යයි කියන දැනුම විද්යාත්මකව හඹාගෙන ගොස්, සොයාගෙන ගොස් ලෝකය ජය ගැනීමට ඒවා යොදා ගන්නේ නැත. ඒවා නොකර තැනින් තැන තිබෙන මිත්යා දෘශ්ඨික ආගමික චර්යාවන් වලට ද, මිත්යා දෘශ්ඨික අවස්ථාවාදී තක්කඩීන් රැවටීමට ද නුඹලා දක්ෂය.
නුඹලා සමග වාද කරන බොහෝ අවස්ථාවල නුඹලා ජප කරන මන්තරය වන්නේ “ පර සුද්දා, අධිරාජ්යවාදී සුද්දා, ජාත්යන්තර කුමන්ත්රණ ආදියයි. ඒවා සියවස් ගණනක් අතීතයට අයත් දේවල්ය. මේ යුගය ගෝලීය යුගයයි. ගෝලීය යුගයේ දී අධිරාජ්යවාදය පවත්වාගෙන යාම ප්රජාතන්ත්රවාදී දියුණු රටවල් විසින් නම් නොකරණු ලබයි. නුඹලා මෙන්ම යටත් විජිත වශයෙන් තිබූ ඇතැම් රටවල් අද නුඹලා පසුකර ගොසින්ය. නුඹලාගේ ඊනියා දේශපාලඥයින් ඒ අදහස් යොදා ගන්නේ නැති කුමන්ත්රණ බියක් ඇති කොට නුඹලාගේ චන්ද කඩා ගැනීමට බව නුඹලා දන්නේ නැතිය.
73 වන නිදහස් දින සමරණ මේ මොහොතේ නුඹලා සිතා ගත යුත්තේ තව දුරටත් බටහිර කුමන්ත්රණ න්යාය මතුරමින් සැබෑ ප්රශ්නය අමතක කරවීම හෝ යට ගැසීම නොව සැබෑ ප්රශ්නය වන රට අවශ්ය සැබෑ දේශප්‍රේමී, ප්ප්‍රජාතන්ත්‍රවාදී , සොරකමට ගිජු නොවූ පාලකයින් පත් කරගැනීමය. එම පාලකයින් මිත්යාවේ නොගිලුණු, ආගම රාජ්ය පාලනයෙන් වෙන් කරගත් දියුණු මෙන්ම නවීන, නවීකාරක සිතුවිලි සහ දැක්මක් ඇති පාලකයින් විය යුතුය. නුඹලාගේ රට සංවර්ධනය කිරීමට බටහිර රටවල ආධාර – උපකාර සහ සහයෝගයන් අවශ්ය ය. ඒ රටවලින් දෙන ණය ආධාර මුදල් නිසි ලෙස කළමනාකරණය කරගනිමින්, සංවර්ධන ප්රමුඛතා හඳුනාගනිමින්, කොමිස් කුට්ටි ගසා කන්නේ නැතිව ප්රමිතියෙන් යුතු සංවර්ධන වැඩසහටන් දියුණු කළ යුතුය. නුඹලාත් අප මෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගා ගත යුතුය. එය එක් රැයකින් ඉටු වන ඒවා නොවන අතර එයට කාලයක් ගතවේ. එමෙන්ම සොරුන් සමග, ඒකාධිපතියන් සමග රටවල් දියුණු කරනවා බොරුය.
අනෙක් කරුණ ජාතීන් අතර සාමය පවත්වාගෙන යාමට නුඹලා දක්වන හැකියාවයි. ඒ සඳහා සෑම ජාතියකටම පැවැත්මට ඇති අයිතිය පිළිගත යුතු අතර ඒවා සඳහා අවශ්ය ප්රජාතන්ත්රවාදී දේශපාලන සංවාදයන් දියුණු කර ගත යුතුය.
අපගේ කාලයේ සිලෝන් යනුවෙන් හැඳින්වුණු දැන් ශ්රී ලංකාව යනුවෙන් හැඳින්වෙන නුඹලාගේ රට සොබා දහමේ විශිෂ්ඨ නිමවුමකි. අපගේ රටවල මෙන් ආන්තික දේශගුණයක් නැති නුඹලාගේ රට ස්වාභාවික සම්පත් වලින් අනූනය. එය ජෛව විවිධත්වයෙන් මෙන්ම ස්වාභාවික සම්පත්වලින් පරිපූර්ණය. විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය ලැබූ නුඹළාගේ රටේ රටේ දියුණුවට විශාල මෙහෙයක් කළ හැකි කුසලතා පූර්ණ මිනිසුන් සිටී. ඔවුන් හඳුනාගෙන අතීතකාමයේ ම නොගැලී, අතීතයේ තිබුණු දැනුම ද සුදුසු ලෙස භාවිතා කරමින් බටහිර දැනුම ද රැගෙන රට දියුණු කිරීම නුඹලා විසිනු සිදු කළ යුතුය. එසේ නොකරන්නේ නම් එය නුඹලාගේ ප්‍රශ්නයක්  මිස අපේ ප්‍රශ්නයක් නොවේ.
මීට
එංගලන්තයේ සුද්දා
-අතුල දිසානායක (fb)
Leave A Reply

Your email address will not be published.