රඹකැන් ඔය කැලෑ ඉඩම් කපා බඩඉරිඟු වගාවට බදු දෙයි

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින රඹකැන් ඔය කලාපයේ ඉඩම් බඩඉරිඟු වගා සඳහා බදුදීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වර්තා වේ. ඊට අනුව බඩඉරිඟු මෙට්‍රික් ටොන් 2,50,000ක් නිෂ්පාදනය කිරීම සඳහා රඹකැන් ඔය ඉඩම් අක්කර 2,750ක් විවිධ ව්‍යාපාරිකයන්ට බදුදීමට නියමිතය.
රඹකැන්ඔය මහවැලි කලාපයට අයත් භූමි ප්‍රදේශයේ වනසත්ව රැකවරණය සඳහා හා රඹකැන්ඔය ජලාශයේ හා මුන්දෙනිආරු ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ ලෙස සංරක්ෂණය කළ යුතුව ඇති වනාන්තර මේ ආකාරයෙන් සමාගම්වලට ලබා දීමට තීරණයවී ඇත.
මේ නිසා අලි – මිනිස් ගැටුම උග්‍රවීම පමණක් නොව මෙම ජලාශ දෙක මඟින් ජලය ලබා දීමට සැලැසුම් කළ ප්‍රදේශවල ජනතාව ජල හිඟය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වනු ඇති බව පරිසරවේදීහු පවසත රඹකැන් ඔය සිදුවන වන විනාශයට එරෙහිව එම ප්‍රදේශයේ ජනතාව සහ පරිසරවේදීන් විසින් සිදුකරන ලද අරගලයක ප්‍රතිඵලයක් ලෙස මෙම විනාශය යම් තරමකට නැවතී තිබිණි. එහෙත්, ආණ්ඩුව එය නොතකා කටයුතු කිරීමට උත්සාහ ගන්නා බවත්, මෙම ඉඩම් මහවැලි අධිකාරියට අයත් වුවත් ඒවායෙහි ඇති වනාන්තර ප්‍රදේශ එළිපෙහෙළි කිරීම පාරිසරික පනත් උල්ලංඝනය කිරීමක් බව ද පරිසරවේදීහු වැඩිදුරටත් පෙන්වා දෙති.

 

Leave A Reply

Your email address will not be published.