අලියාන්ස් ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් සමඟ එක්වෙයි

2006 වසරේ සිට පැරා ඔලිම්පික් තරගාවලිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින අලියාන්ස් පසුගිය ජනවාරි 1 වන දා ඔලිම්පික් හා පැරා ඔලිම්පික් තරගාවලි සමඟ 8 වසරක ලෝක ව්‍යාප්ත හවුල්කාරීත්වයක් ආරම්භ කරනු ලැබීය.

අලියාන්ස්  SE හි ප්‍රධාන විධායක නිලධාරී ඔලිවර් බේට් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් “ලෝකය පුරාම ක්‍රියාත්මක රක්ෂණ සහකරු ලෙස අලියාන්ස් පත් වීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ක්‍රීඩා කටයුතු සඳහා නිරන්තරයෙන් සහයෝගය ලබා දෙන සහකරුවකු වශයෙන් මෙන්ම විශිෂ්ටත්වය, මිත්‍රත්වය, අන්තර්ගතය හා ගෞරවය යනාදී මූලික සාරධර්මයන්ගෙන් පොහොසත් අලියාන්ස් සමාගම සමඟ 1,48,000ක් පමණ වන සේවක ප්‍රජාව මෙන්ම 10,000ක් පමණ වන නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටිනවා.  ඔවුන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීම උදෙසා ඔවුන්ව ආරක්ෂා කිරීම හා දිරිමත් කිරීම වෙනුවෙන් කටයුතු කරනු ඇත.” යනුවෙන් පැවසී ය.

මේ පිළිබඳව අදහස් දැක් වූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ, “අපගේ ආචාරධර්මයන් බෙදා-හදා ගනිමින් ආයතන සමඟ අඛණ්ඩ සහයෝගීතාවයෙන් කටයුතු කරන අලියාන්ස් සමාගමට මිනිසාගේ ජයග්‍රහණ සහ මිලියන ගණනකගේ දිරිමත් බව වෙනුවෙන් ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් තරගාවලි සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳ ඉතා සතුටට පත් වෙනවා. මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සහ පැරා ඔලිම්පික් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජය ඝෝෂා නඟමින් නිරන්තරයෙන් ඔවුන්ට සහාය වනු පිණිස ලොව පුරා සිටින අලියාන්ස් කණ්ඩායම් සාමාජිකයන් සමඟ එක් වීමට අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

2018 සැප්තැම්බර් මාසයේ මෙම සහයෝගීතාව පිළිබඳව ප්‍රකාශයට පත් කළ දින සිට රක්ෂණකරු විසින් ඕස්ටේ්‍රලියාව, චීනය, ප්‍රංශය හා ස්පාඤ්ඤය යන නියමු වෙළෙඳපොළ 4ක් හරහා ක්‍රීඩකයන්, රසිකයන්, කණ්ඩායම් හා සේවකයන් සමඟ එක්ව කටයුතු කළේ ය. මානසික සෞඛ්‍යය වර්ධනය වෙනුවෙන් වන විධික්‍රමයන් ප්‍රදර්ශනය වෙනුවෙන් අලියාන්ස් විසින් ඕස්ටේ්‍රලියානු ඔලිම්පික් කමිටු ‘යහ පැවැත්මේ සතිය’ (Australian Olympic Committee’s Wellbeing Week) ඉදිරිපත් කරන ලදී. එමෙන්ම ‘අලියාන්ස් ක්ලබ් පැරිස් 2024’ වෙනුවෙන් කටයුතු කිරීම සඳහා සේවකයන්, පාරිභෝගිකයන් සහ හවුල්කරුවන් දිරිමත් කිරීමට 2014 පැරිස් ඔලිම්පික් තරග සංවිධායක කමිටුව සමඟ ද එක්ව කටයුතු කරන ලදී●

පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.