මල්ලිහෛ සුවඳ නුඹ….
(ඩොමිනික් ජීවා නම් වූ ආදරණීය සාහිත්යවේදියාණන්ගේ දැයෙන් සමුගැන්ම නිමිත්තෙනි)
ගුරුන්ටත් වරදින අකුරු
කියා දුන් වැරැද්දට
මිනිස්කම පරයා නැඟුණ
කුලයෙ මානය දරා ගත්
හිසින් යුත් ගුරු දෙවි
කුලය අඬගා තදින්
කැලෑසිය පස්වැන්නෙදි ම
දොරට ඇද දැමුණ
නුඹ…
එයම සවියක් ලෙසට ගෙන
අදිටනින් සිත දැඩි කොට
හඹා ගොස් දැනුම් සිතිජය
එගුරු සිත විලි නඟන්නට
සුහුරුකම් පෑ
දිරිය මිනිසෙකි ය
නුඹ…
බරැති ඊයම් අකුරු පිටු
තබා ෆුට්සයිකලයෙ බැඳ
යන්ත්රාලෙ කරා ගෙන ගොස්
යාල්පානම් පුරා
‘මල්ලිහෛ’ සුවඳ බෙදු
නුඹ…
කුඩා අවදියෙ සිටම
හොඳින් දැන හැඳින සිටි
‘තණ්ණීරුම් කණ්ණීරුම්’
පන්හිඳ තුළට ගෙන
ගිනිවැදුණු හදවත් තුළට
විද උන් සිහිල් කළ
නුඹ…
ජාතිවාදෙන් කුලමලින්
කැත නොවුණු කළු නොවුණු
සිහල, දෙමළ, මුස්ලිම්
පීඩිත ජන හදවත් තුළ
සදා නොවියැකෙන
මල්ලිහෛ සුවඳ
නුඹ…