තවත් පුද්ගලයන් 4 දෙනෙකු මියයයි – අද ආසාදිතයන් 729 ක්

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට තවත් පුද්ගලයන් 4 දෙනෙකු අද (5) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට මියගිය සමස්ත සංඛ්‍යාව 343 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතරට ඊයේ මියගිය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාද ඇතුලත්ය. මිට අමතරව මට්ටක්කුලිය, බගවන්තලාව, සහ කොළඹ 3 ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවසේදීම මියගොස් තිබේ.

මේ අතර අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 729 කි.
මේ දක්වා ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 67,844 ක් වාර්තා වී තිබේ. මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6044 කි.

Leave A Reply

Your email address will not be published.