අපට සතුන්ගේ ජිවිත සදහා තීරණ ගැනීමට ඇති අයිතිය කුමක්ද?

වගාවන් වලට හානිකරන සතුන් වදභාවයට පත් කිරීම සදහා රජය පියවර ගැනීමට සැරසෙමින් ඇත. මෙිහි අන්ත දෙකකි එකක් අපට සතුන්ගේ ජිවිත සදහා තීරණ ගැනීමට ඇති අයිතිය කුමක්ද යන්නයි. දෙක ගොවියන්ගේ වගා හානි සදහා ගත යුතු ක්‍රියාමර්ගය කුමක්ද යන්නත්ය.

පළමුව මෙම තත්වය නිර්මාණය වුයේ කුමක් නිසාද යන්න අප තෙරැමි ගත යුතුය. විශාල වශයෙන් කැලැ කැපීම ආරම්භ කළ තැන සතුන්ගේ වාස භූමි අහිමි වී සතුන් වගාවන් වෙත පැමිනේ. මහා නගර සැදිමට පෙර හා විශාල වනාන්තර විනාශයට පෙර රටක් මෙි ගැන සිතිය යුතුය. සංවර්ධනය ක්‍රමාණු කූල හා හෙමින් කරන විට පරිසරය හා සතුන් එයට අනුවර්තනය වෙි. එයට කාලයක් යන අතර ඒ සදහා ඉඩ තැබිය යුතුය. නමුත් අප කලෑ කපන අයුරැ සතෙකුටවත් සිතාගත නොහැකි නිසා ඔවුනගේ ජිවිත මෙන්ම අහාර රටාවද අර්බුදයට ගිය විට නිතරම මිනිිසා සෙබාදහම අතර ගැටුම් ඇති වේ. මේ ඇති වි තිබෙන තත්වය එයයි. මේ මහා කඩිනම් සංවර්ධනයට අත එසවු ජනතාවට සතුන් වඳ කිරිමට විරැද්ද විය නෙහැක. මක් නිසාද යත් මේ සතුන් වඳ කිරිමද සංවර්ධන ක්‍රියාවලිිි⁣යේ ප්‍රතිපලයකි. ඒ අනුව සතුන් වඳ කිරිමට බැරිනම් මැරිමටද ජනතාව අවස්තාව දී ඇත. නමුත් අප යොජනා කරන්නේ මෙම සංවර්ධන ක්‍රියාවලිය රටට අවැසි පරිදි හිම්න් සිදුකරන ලෙසයි. එය සතුන්ට තම ජිවන රටාවට හුරැවිමට අවශ්‍ය කාලය සපයන අතර ඔහුන් විසින්ම ග්‍රහණය පාලනය කරනු ඇත. මිනිස් මැදිහත්වීම හැම විටම අරබුදය සංකීර්ණ කරන අතර තව අර්බද රාශියක් මෙය විසින් නිර්මාණය කරනු ඇත. ගොවි ජනතාව ආරක්ෂා කිරිමද රජයේ වගකීමකි. ඒකබෝග වගාව වෙනුවට බහු බෝග වගාවෙනුත් සොබාදහම සමතුලිත තාවය තබා ගැනීමට යොමු විමත් මෙම සතුන් හා මිනිසුන් අතර ගැටලුවට විසදුමි ⁣වශයෙන් යොජනා කල හැකිය. එම නිසා සංවර්ධන කිරිමට පෙර මනාව සැලසුමි කිරිම වටිනා බව රජය තේරුම් ගත යුතුය. එය සියලු අංශයන් පිලිබඳ අවධානය යොමු කර රටට අවශ්‍ය සංවර්ධනයකට පමනක් යායුතු අතර ස්ථිරවශයෙන්ම දැනට ඇති කෑලැ අරක්ෂා කලයුතුය.
-රවින්ද්‍ර කාරියවසම්

Leave A Reply

Your email address will not be published.