වැනසීයන වන අලි මං – සිංහරාජ වන අරණ

ශ්‍රි ලංකාවේ හරිත හදවත නමින් හැදින්වෙන, අක්කර 23,000කට ආසන්න භූමි ප්‍රාමාණයක් පුරා විහිදි පැතිරි ඇති සිංහරාජ වන අරණ, ගාල්ල, මාතර, කලුතර සහා රත්නපුර දිස්ත්‍රික්ක වලට මායිම ව පිහිටා ඇත. ඈත අතීතයේ සිටම පාරම්පරික ගැමි ජනයා පරිසරය හා බද්ධ්ව ජීවත් වු බවට සිංහරාජය ඉතා වටිනා උදාහරණයක් වේ. අතීතයේ ඉතා විශාල භූමි ප්‍රදෙශයක, පරිවාර වනාන්තර රාශියක් සමගින් විරාජමනව සිටි මෙම වන කොලිය ඊනියා සංවර්ධනයේ අදිසි හස්තයට යටත්ව සුසුම් ලයි.

ජීව විද්‍යත්මකව ඉතාමත් සුවිශේෂී සංවෙදි පරිසර පද්ධතියක වන මෙම වැසි වනාන්තරය, අතීතයේදි වන අලින්ට රැකවරනය සහා වාස භූමී සැපයු වන අලි මංකඩ රාශියකින් සැදුම් ලත් බිම්කඩකි. ලෝක උරුම වනපෙතක් ලෙස නම් කර සංරක්ෂණය සදහා යොදවා තිබුණද වර්තමාන දේශපාලන බල අධිකාරිය විසින් ඉතා සුක්ශම ලෙස ආක්‍රමණය කරමින් පවති.

අතීතයේ දී කන්නෙලිය සහා ශ්‍රි පාද රක්ශිතය සම්බන්ධ කරමින් වන අලින්ට සැරිසැරිමට අලි මංකඩ සැපයු සිංහරාජ වන අරණ සහා කන්නෙලිය ද ශ්‍රි පාද රක්ශිතයද හුදෙකලාව පවති. ඒ වගේම ඒ වන අලිමංනිල හරහා ගමන් කල වන අලි ශ්‍රි පාදයට සහ සිංහරාජයට පමනක් සීමාවි ඇත. කන්නෙලියේ ඉතිරිව සිටි අන්තිම අලියා අනූව දශකයේ මුල් භාගයේදි වෙඩි තබා ඝාතනය කොට ඇත. අද කන්නෙලිය ලොක උරුම රක්ශිතයේ වන අලින් නොමැත. සමොනල අඩවියේද සිරවී සිටින වන අලින් ගැන විදිමත් විස්තගයක් කිරිමට මා අපොහොසත් වෙමි. ඒ පිලිබදව වු දත්ත වාර්තා ඉතා අල්පය. සමනල අඩවියේ වන අලින් 7-10ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බව සහ උන් දකුණු පලාතේ වාර්තාවන “රුහුණු ගැටව්” න්ට සමාන බවත් පමනක් දැකිවිය හැක.

කෙසේ වෙතත් සහස්‍ර දශකයේ මුල ඇතිවු මහා ගංවතුර තත්ත්වයට හේතුව සමනල අඩවියේ වූ වන ඇතෙකුගේ දලට ලෝබ බැද ඇතු ඝාතනය කිරිම බව ගැමියන්ගේ විශ්වාස යයි.

50දශකය අග භාගය වන විට වනාලින් 20ක් පමණ සිංහරාජය ආශ්‍රිත වන භූමි තුල සංක්‍රමණය වී ඇතත්, වර්තමානයේ ඉතිරිව ඇත්තේ ඉන් දෙදෙනෙකු පමණි. උන් දෙදෙනාද පිරිමි සතුන් වේ.

සිංහරාජයේ වෙසෙන වන අලි සොයා කදු හෙල් ගල් පර්වත, ගිරිදුර්ග මතින් සැපයුම් සිය ගනන් පා ගමනින් ඇවිද මා ඉවරයක් නැති කුඩැලි හමුදාවන්ගේ ප්‍රහාර සහා කිනිතුලු මැසි මදුරු පිඩා ඉවසා ඇවිද ගියේ මේ අවසන් වන අලි දෙදෙනා සියැසින් දැක ගැනිමටය. මාණික්කවත්ත, කජුවත්ත, ගල් කන්ද, වලන් කන්ද, රඹුක, දෙල්ලව, වැද්දාගල, කුඩව, දොලේකන්ද ආදි ගම්මාන ගනනාවක් පුරා පයින් ඇවිද ගැමියන්ගේ ගැමි සත්කාර ලබමින් වසර ගනනාවක් සොයා ගිය මාහානර්ඝ වස්තුව සියැසින් දැක බලා ගැනිමට භාග්‍ය උදා වුයේ 2014 වසරෙදිය.

මෙසේමා ඇවිද ගිය සැතපුම් සියගනනෙදි මා දුටු එකම දේ, මෙතරම් පාරිසරික වටිනාකමකින් යුතු ලෝක උරුම වැසි වනාන්තරය ලංකාවේ අන් කවර හෝ වනන්තරයකට නොදැවෙනි ලෙස දුශනය වී ඇති බවයි.

තේ වගාව සදහා අත්තනොමතික ලෙස කපා එලිපෙහෙලි කරන ලද සිංහරාජ වන බිමේ මායිම් කනුද ගලවා ඉවත් කොට ඇත. විශේෂයෙන්ම ඉකෝ ලොජ් සහ හොටල් සදහා වනයෙන් මුදාගෙන ඇති ඉඩම් ප්‍රමානය අති විශාලය.

මෝර්නින් සයිඩ් ප්‍රදේශයේ සිට හදපාන් ඇල්ල ඔස්සේ දෙල්ලෙව- වලන් කන්ද ප්‍රදෙශයට වන අලි සංක්‍රමණය වන ප්‍රධාන වන අලි මංකඩ වන්නේ, මානික්කවත්ත-බෝවිටියතැන්න වන අලි මංකඩයි. මේ වන විට වන අලි මංකඩ දෙපලු කරමි හොටල් දෙකක් ඉදිවෙනින් පවති. මේ තත්වය මත රඹුක, පොතුපිටි, කජුවත්ත, කෝපි කෑල්ල, සයිප්‍රස් වත්ත ආදී ගම්මාන වන අලි තර්ජනයට ඍජුවම මුහුන පා තිබේ.

මේ අනවසර ඉඩම් භුක්ති හිමියන්ට ඇති එකම ගැටලුව වන්නේ මෙහි වෙසෙන වන අලි දෙදෙනාය. අනුව දශකයේ අග භාගයේදී ද මෙම වන අලින් දෙදෙනා කුදලගෙන යාමට සැරසුනද, එක් අලියෙකු නිර්වින්දනය කොට අල්වා සිටියදි බැමි ලෙහා මුදා හැරිමට වනජිවි නිලධාරීන් ට සිදුවිය. නැවත පසුගිය යහපාලන සමයෙදිද මෙසේ වන අලින් දෙදෙනා අල්වා හොරොව්පතාන වන අලි රැදවුම් මද්‍යස්තනයේ හිර කිරිමට කටයුතු යෝදා තිබිනි.

තම නිජ භූමියේ, තම මරණය තෙක් හෝ ජිවත් විමට වාසනාව නොලැබිමට තරම් උන් කර ඇති පව කුමක්ද….??

සටහන – ගයාන් කහදමෝදර

Leave A Reply

Your email address will not be published.