කොවිඩ් ආසාදනය වීමෙන් අද (04) මරණ 7 ක්
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට තවත් පුද්ගලයන් 7 දෙනෙකු අද (04) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.
මේ සමඟ මෙරට තුළ කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 339 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ මියගිය පිරිස අතර කාන්තාවක් සහ පිරිමි 6 දෙනෙක් වෙති.
මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 706 හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
මේ දක්වා ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 67,115 ක් වාර්තා වී තිබේ. ඔවුන් අතුරින් මේ දක්වා 60,567 දෙනකු සුවය ලබා ඇත.