අමරවීර කියන්නේ බොරු – පොහොට්ටුවෙන් චෝදනා

17

මහින්ද අමරවීර පවසන තොරතුරු අසත්‍ය බවත්, ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමැති සංධානයකින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ කිසිදු එකඟත්වයකට පැමිණ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි. කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මේ බව අවධාරණය කළේය.

වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂය විසින් නම්කොට ඇති පසුබිමක එම කොන්දේසිය යටතේ සංධානයකට එකඟවීමට පොදුජන පෙරමුන සූදානම් නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය කියා සිටියේ පක්ෂ දෙක අතර සංධානයක් ඇතිවන්නේ නම් ඉදිරි ජනාධීපති අපේක්ෂකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනාගේ තීරණය බවයි.

පොදු ජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂකයා නිළ වශයෙන් ප්‍රකාශයට පත්කිරීම අගෝස්තු මස 11 වැනිදා ප්‍රකාශයට පත්කෙරෙන බවත් මේ අවස්ථාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ ජනතා මතය අනුව පොදුජන පෙරමුණ සමඟ කොන්දේසි විරහිතව එකතුවීම බවත් ඔහු පැවසීය.

Previous articleමාධ්‍ය අයිතිකාරයෝ කැමතියි සේවකයෝ වන අපිත් ජනතාවත් මෝඩයෝ වගේ තියගන්න
Next articleත්‍රස්ත ප්‍රහාර වලින් පසු ටියුනීසියාවත් නිකාබ් තහනම් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here