OPPO A15 දැන් වෙළඳපොළේ

OPPO නවතම දුරකථන මාදිලිය වන A15 මෙරටට හඳුන්වා දීමට OPPO Sri Lanka පසුගියදා කටයුතු කළේ ය. මෙහි AI triple camera පද්ධතිය සුපැහැදිලි ඡායාරූප ලබා දෙන අතර, 6.52” විශාල දර්ශන තිරය වඩාත් සුවිශේෂී විනෝදාස්වාද අත්දැකීමක් ලබා දෙයි. ආරෝපණය දිගුකල් රඳවා ගන්නා බැටරියක් සහ විශාල මතක ධාරිතාවක් සහිත OPPO A15 කෙනකුට සිය සම්බන්ධතා සියල්ල සිත් සේ පවත්වා ගැනීමට උපකාරී වනු ඇත.

OPPO A15 AI Triple Camera පද්ධතියට 13MP ප්‍රධාන කැමරාවක්, සෙන්ටිමීටර් 4 තරම් සමීප දර්ශන සඳහා 2MP Macro Lens එකක් සහ portrait ඡායාරූපවලට වැඩි depth එකක් සමඟ පසුබිමට ස්වාභාවික bokeh effect එක් කිරීමට 2MP Depth Camera එකක් ද ඇතුළත් කර තිබේ.

HDR මඟින් අඩු ආලෝක මට්ටම් යටතේ හෝ පසුබිම් ආලෝකය හමුවේ ඡායාරූප ගැනීමට අවස්ථාව සලසන අතර Portrait Bokeh මඟින් portrait ඡායාරූප ගැනීමේ දී ස්වාභාවික bokeh background එකක් ලබා දෙමින් සුවිශේෂී portrait filters 6ක් ද එක් කරයි. OPPO A15 තුළ Dazzle Color සහ AI Scene Recognition සමග AI Scene Enhancement යොදා ඇති අතර, එමඟින් එකිනෙකට වෙනස් පසුබිම් හා ඡායාරූප රටාවන් 21ක් වඩාත් අලංකාර කළ හැකි වේ. එමෙන්ම ඉදිරිපස හා පසුපස ෆිල්ටර් වැඩිදියුණු කර ඇති අතර, නව ඡායාරූප ෆිල්ටර් 15ක් සහ වීඩියෝ ෆිල්ටර් 10ක් හඳුන්වා දී ඇත.

ස්වාභාවික සුන්දරත්වය තව දුරටත් වැඩිදියුණු කරන විශේෂාංග OPPO A15 මාදිලියේ ඉදිරිපස කැමරාවට යොදා තිබේ. විවිධාකාරයේ ඡවි වර්ණ සහ මුහුණුවල හැඩ, අදාළ පුද්ගලයාගේ ස්ත්‍රී-පුරුෂභාවය, වයස සහ ජාතිකත්වය අනුව වඩාත් අලංකාර කිරීමට මෙම විශේෂාංගවලට හැකියාව ඇත●

 

Leave A Reply

Your email address will not be published.