ලහිරු තිරිමාන්න සහ ප්රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ්
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ලහිරු තිරිමාන්න සහ ප්රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ් ආසාදනය වී ඇති බවට අද(03) තහවුරු වී තිබේ.
ඊයේ දින සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් ලහිරු තිරිමාන්නට සහ මිකී ආතර් ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම තත්වයන් සමඟ එළඹෙන ශ්රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල්දැමීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවද ශ්රී ලංකා ක්රිකට් ආයතනය පැවසීය.