වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට කොරෝනා – සිය රෝහලින් IDH රෝහලට
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අයිතිකරු වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කොළඹ IDH රෝහලට ඇතුලත් කල බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හට වෛරසය ආසාදනය වීමත් සමඟ මාලඹේ නෙවිල් ප්‍රානාන්දු රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත. නමුත් සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමෙන් පසු IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.