ළමා රෝහලේ කොරෝනා ආසාදිත ළමුන් 150 ක්

මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොරෝනා වයිරසය ආසාදනය වූ බිළිඳුන් 150 දෙනෙකු හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්‍යක්ෂ ජී . විජේසූරිය මහතා පවසයි.

මේ අතර එම දරුවන්ගේ මාපියන් 100 කාටද වයිරසය ආසාදනය වී තිබූ බව රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතරින් මාස 18ක බිළිඳෙකු ඊයේ (02) දිනයේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගියේය. මෙම බිලිඳාගේ මාපියන්ට ද කොරෝනා වයිරසය ආසාදනය වී තිබී ඇත.

රෝහල් අධ්‍යක්ෂවරයා මාපියන් ගෙන් ඉල්ලා සිටින්නේ දරුවෙකු ආසාදිත වූ වහාම රෝහල්ගත කිරීමට කටයුතු කරන ලෙසයි. ඊයේ මියගිය දරුවා ද රෝහල් ගතකරන අවස්තාව වන විට රෝගය උත්සන්න වී තිබී ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

Leave A Reply

Your email address will not be published.