TNA ඇතුළු උතුරු නැගෙනහිර පක්‍ෂ හා සංවිධාන විරෝධතා පාගමනක

වත්මන් ආණ්ඩුව විසින් මෙරට දෙමළ ජනතාවට එරෙහිව මර්දන වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවට චෝදනා කරමින් හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරමින් දෙමළ ජාතික සන්ධානය ප‍්‍රමුඛ උතුරු නැගෙනිහිර පළාත් වල සිවිල් සංවිධාන වල එකමුතුවෙන් අද (03) උදෑසන මඩකළපුව පොතුවිල් සිට කන්කසන්තුරය පෝලිකණ්ඩි දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කෙරුණි.

මෙම පාගමන දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක එම්. ඒ සුමන්තිරන් , රාසමානිකම් සානක්‍යයන් යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වී තිබේ. මේ සඳහා උතුරු නැගෙනහිර පළාත් දෙමළ මෙන්ම මුස්ලීම් දේශපාලඥයින්, සිවිල් සංවිධාන හා ප්‍රදේශයේ මහජනතාව එක්ව සිටියේය.

මෙහිදී සානක්‍යයන් මන්තී‍්‍රවරයා පැවසුවේ අධිකරණ නියෝග මගින් සිය ජනතාවගේ විරෝධතාවයන් නතර කළ නොහැකි බවයි.

ඔවුන් පවසන්නේ දකුණේ පැවැත්වෙන විරෝධතා වලට අධිකරණය තහනම් නියෝග නිකුත් නොකරන බවත් දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් පවත්වනු ලබන විරෝධතා වලට පමණක් කොරෝනා වයිරසය , සමාජ දුරස්ථභාවය බලපාන බව කියමින් අධිකරණයෙන් තහනම් නියෝග ලබාගැනීමට පොලිසිය කටයුතු කරන බවද පවසයි. ආණ්ඩුව පවසන එක රටක් එක නීතියක් යනු එයදැයිද හෙතෙම ප‍්‍රශ්න කළේය.
අද ආරම්භ කළ මෙය එළඹෙන 6 වැනිදා දක්වා පැවැත්වීම්ට කටයුතු යොදා ඇති අතර කන්කසන්තුරය පෝලිකණ්ඩි ප‍්‍රදේශයෙන් අවසන් කිරීමට නියමිතය.
ඔවුන් නැගෙනහිර සිට උතුර දක්වා ත්‍රිකුණාමලය හරහා ගමන් කිරීමට ද නියමිතය.

මේ අතර සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන් මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙරට මුස්ලීම් ජනතාවගෙන් ඉල්ලා තිබුණේ මෙම විරෝධතා පාගමනට සහයෝගය ලබාදෙන ලෙසයි.

මෙම විරෝධතා පාගමනේ අරමුණු ලෙස උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ ජනතාවගේ ඉඩම් රජයේ ආයතන යොදා ගනිමින් ආක‍්‍රමණය කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, එම පළාත් වල හින්දු ආගමික ස්ථාන වෙත බලපෑම් සිදු කිරීම, අතුරුදන්වුවන්ගේ ගැටලූවට විසදුම් ලබා ගැනීම, යුද්ධයේදි සිදුවු බව කියන යුද අපරාධ පිළිබඳ විමර්ශනය කිරීම හා වගවීම යන කාරණා මෙන්ම වතුකම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම, කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන මෙරට මුස්ලීම් ජාතිකයින්ගේ මෘත දේහ ආදහනයට විරෝධය දැක්වීම යන කරුණු සඳහන් කර තිබේ.

Leave A Reply

Your email address will not be published.