ජයන්තා රුක්මණී සිරිවර්ධනගේ දිවිවිසැරිය නිමා වෙයි

සිනමා, රූපවාහිනී හා නිර්මාණ හා සාහිත්‍ය මණ්ඩල ජූරි සභිකාවක් ලෙස, කිවිඳියක් කෙටිකතාකාරියක් විචාරිකාවක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ තම දායකත්වය ප්‍රදානය කළ ජයන්තා රුක්මණී සිරිවර්ධන අද පෙරවරුවේ දිවියෙන් සමුගත්තාය. පසුගිය කාලයේ රෝගාතුරව සිටි ඈ මිය යන විට හැත්තෑ එක් වන වියේ පසුවූවාය.කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගන්නා ජයන්තා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ පශ්චාද් උපාධිධාරිණියක් ද වේ. ලේඛිකාවක් ලෙස ඈ විසින් නවකතා දෙකක්, කෙටිකතා සංග්‍රහ දෙකක් හා පද්‍ය සංග්‍රහ පහක් පළ කොට ඇත්තීය1978 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් වූ ජයන්තා රුක්මණී රාජ්‍ය සේවයෙ විවිධ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ රැසක සේවය කළාය.අවසාන වරට වෙළඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස විශ්‍රාම ගත්තාය. ජයන්තා ඇසුරු කළ සැමගේ සිත දිනාගත් නිහතමානී චරිතයකි . ඇගේ දේහය දැනට තලවතුගොඩ,ශාන්තිපුර පළමුවන පටුමග 262/ග්5 නිවසෙහි තැන්පත් කොට ඇත.අවසාන කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ලැබේ.
-බුද්ධදාස ගලප්පත්ති(fb)

Leave A Reply

Your email address will not be published.