වෛද්‍ය ගයාන් දන්තනාරායන දඩැල්ල ආදාහනාගාරයේ දී සියල්ලෙන් සමුගනියි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගිය කොවිඩි ආසාදිත ගයාන් දන්තනාරායන නැමති වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිරෝධායන නීතිරිතිවලට අනුව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ දී ඊයේ (02) පස්වරුවේ දී සිදුකෙරිණි.

රාගම රෝහලේ සේවය කළ ගයාන් දන්තනාරායන (32) හැවිරිදි වියේ පසුවු වෛද්‍යවරයෙකි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරුන් මැදිහත්ව මියගිය වෛද්‍යවරයාට ආගමික වතාවත් කොට පිංපැමිණිවිම කරාපිටිය රෝහලේ දි සිදුකෙරුණි.

මෙම අවස්ථාවට වෛද්‍ය වරයාගේ බිරිද, පවුලේ ඥාතින් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ අකල් වියෝව පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත්වෙනු මොහොතේත් දක්නට ලැබේ. මේ ඒ අතරින් සමාජ මාධ්‍ය තුල පළ වූ අදහස් කිහිපයක්.

-මහින්ද දේශප්‍රිය
වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ අකල් වියෝව පිළිබඳව ශෝක වන සැවොම සමග අපිද එක්වෙමු .
පසු සටහන.
එන්නත් , ICU ඇඳන් ….., අසාධ්‍ය රොිගීන්ගේ දිවි ගලවා ගැනීමට ඇවැසි යන්ත්‍ර ……..යනාදිය ප්‍රමාණවත් තරම් කඩිනමින් ගෙන එයිද මේ නිසාවත්

-කපිල එම්. ගමගේ
වෛද්‍ය ගයාන් දන්තනාරායන කියවගන්න මේ පින්තූර දෙකම ඇති.
ඔබ පැහැදිලිවම මනුස්සයෙක්.
පැණි ප්‍රමෝට් කල සේල්ස් රෙප්ලා නොවී අඩුම තරමින් සෞඛ්‍ය සේවයේ අය හෝ ආරක්ෂා කරගන්නවත් එන්නත ගෙන්වාගන්න ඉක්මන් වුණා නම් ඔහු තවත් මෙවැනි දරුවන් රැසක් බේරා ගනීවි.

-රවිදු ප්‍රනාන්දු

වෛද්‍ය ගයාන් දන්තනාරායන මිය යයි
හෙට නිදහස් උත්සවය තියන්න
හොඳට තිබුණ පාරවල් කඩලා හදලා
හමුදාව ලවා, යකඩවලින් ලොකු ස්ටේජ් සහ හට් ගස්සවලා…. පොලිසිය දාලා ඒව මුර කරලා….
පෙළපාලි ටිකක් ගිහිල්ලා….
සැලියුට් ගස්ස ගත්තට පස්සේ….
මොකක් හරි කතාවක් කියලා….
හරක් ටික රවට්ට ගන්නවා….
අන්තිමට මේ ණය ගොඩක් තියෙන රටේ,
සෞඛ්‍යයට අධ්‍යාපනයට තියා මොකකටවත් හරිහමන් පහසුකමක් නැති රටේ….
මොකුත් නැතුව අපි තමයි හොඳටම කළේ කියල කියන රටේ….
නිකම්ම නිකං නිදහස් උත්සවයකට විතරක්.,
කෝටි ගණනක වියදමක් දරලා….

-නලින් හේමන්ත
හෘදය හා පෙනහලු අකර්මණ්‍ය වීමෙන් වලක්වා ගැනීම සඳහා භාවිතා කරනු ලබනුයේ ECMO ( Extracorporeal membrane oxygenation ) නම් යන්ත්‍රයයි..
එමගින් සිදු කරනුයේ අක්‍රීය වන පෙනහලු හා හෘදයට උත්තේජනයන් ලබා දීමයි..
දැනට අප සතු එකම ECMO යන්ත්‍රය වනුයේ ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලෙහි ස්ථාපිත කොට ඇති යන්ත්‍රයයි..
දශක හතකට වැඩි කාලයක් දේශපාලකයින් කෝටි ප්‍රකෝටිපතියන් බවට පත් කොට එතෙර කරවූ දියවන්නාව දෙස බලා එන්න අපි ජය ගොස නගන්නට..

-කාංචනා වේවැල්පනාව

බොහෝ වෛද්‍යවරුන්ට වෙද නලාවට ඇසෙනුයේ හෘදය වස්තුවේ ස්පන්දනයයි . කලාතුරකින් අයෙකුට ඉන් ඇසෙන්නේ මිනිසෙකුගේ පන ගැහෙන හඩයි.. මල් වැසි යට්න් හා සුදු පාවඩ මතින් අවසන් ගමන් යා යුතු මේ ජීවකයානෝ තම ප්‍රියයන්ගෙන් පවා නිසි ලෙසින් සමු නොගෙන තම අවසන් ගමන යයි..
පැනි නාටක කා කලගෙඩි නැටුම් නටමින් ගෙවා දැමූ කාලය තුල පලමු පෙල ක්‍රියාකාරිකයන්ට හෝ එන්නත ලබා දුන්නා නම් ඇතැම් විට මේ ජීවමාන දෙවියා තවමත් අප අතර වන්නට බොහෝ ඉඩ තිබුනි..

-මුදිත ලියනගම
මම නම් මේ සහෝදර වෛද්‍යවරයාට නිවන් සැප පතන්නෙ නෑ. ඔහු සුව විරුවෙක් කියල උඩ දාන්න යන්නෙත් නෑ. මේ COVID-19 කලමණාකරණ යාන්ත්‍රණය දේශපාලනීකරණය කිරීම නිසා ඊට ගොදුරු වුණ අසරණ සෞඛ්‍ය සේවකයෙක්. අසරණ මිනිස්සු විරුවො කරල මරු කටට යවල නිවන් පතල අත පිහිදගන්න උපන් හපන් ජාතියක් අපි. අසාධ්‍ය රෝගීන් කලමණාකරණය කරගන්න අවශ්‍ය යටිතල පහසුකම්, මානව සම්පත් දියුණු කරගන්න, ආරක්ෂා කරගන්න අපට ලැබුණු කාලය සහ මුදල් සාධාරණ විදිහට යොදාගත්තද කියල පපුවට තට්ටු කරල තමන්ගෙන්ම අහල බලන්නයි තියෙන්නෙ දැන්.
මිත්‍රයා,
දැන්ම නිවන් දකින්න හිතන්න එපා. ඔබේ මරණයට වගකිවයුතු අය පෝලිමේ ඒවි. උන්ගෙ කණට එකක් ගහල “ඔබට සතුටුයිද දැන්?” කියල අහන්න බලාපොරොත්තුවෙන් ඉන්න.

Leave A Reply

Your email address will not be published.