මාස 18 ක් වයසැති කුඩා දරුවෙක් කොවිඩ් නිසා මිය යයි- මිට පෙර මවට සහ පියාටත් කොවිඩ් හැදිලා

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු ඊයේ (02)මරණයට පත්ව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.
ඊයේ මියගිය පිරිස අතර පිරිමි තිදෙනෙක් සහ කාන්තාවෝ සිවුදෙනෙක් වූ අතර මාස 18 ක් වයසැති කුඩා දරුවෙක් ද වෙයි. මෙම කුඩා දරුවා ලේඩි රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර දරුවාගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නිව්මෝනියාව ලෙස දක්වා ඇත. රෝහල් අධ්‍යක්ෂවරයා  පවසන්නේ මෙම දරුවා ප්‍රතිකාර සඳහා ගෙනඒමට ප්‍රමාද වී ඇති බවයි. මෙම දරුවා දින 11ක් රෝහලේ ප්‍රතිකාර ලබා තිබේ. දරුවාගේ මවට සහ පියාට ද කොවිඩ් රෝගය වැළඳී ඇත.

මේ සමඟ මෙරට වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 330 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.