මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි රන්ජන්ගෙන් රිට් පෙත්සමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පසුගියදා සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව මන්ත්‍රී රංජන් රාමනායක,තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (2) දින රිට් පෙත්සමක් ගොනු කළේය.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

2020 අගෝස්තු 05 මහමැතිවරණයෙන් සමගි ජනබලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් තමාට ඉකුත් ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව සිර දඩුවම් නියම වුවද ඉන් දින 4 කට පසුව ඉකුත් 19 වැනිදා තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නට පළමු වගඋත්තරකාර පාර්ලිමේන්තු මහලේකම්වරයා කටයුතු කරන බව තොරතුරු මගින් දැන ගන්නට ලැබුණු බවද ඔහු කියා සිටී.

Leave A Reply

Your email address will not be published.