කොරෝනා ආසාදනය වීමෙන් මෙරට ප්‍රථම වරට වෛද්‍යවරයෙකු මියගිය

කොරෝනා ආසාදනය වීමෙන් පෙනහළු ක්‍රියාකාරීත්වය අඩපණ වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 32 හැවිරිදි වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ගයාන් දන්තනාරායන අද (2) උදෑසන මියගිය බව කරාපිටිය ‍රෝහල් ආරංචි මාර්ග පවසයි.

ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබා චීනයේ ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ ගයාන් දන්තනාරායන රෝගාතුරවන විට රාගම ශික්ෂණ රෝහලේ සේවය කළේය.

මුලින් රාගම රෝහලේ සිට පසුව කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබූ අතර ඔහු ‍දියවැඩියා රෝගයෙන් පීඩාවිඳිමින් සිටි ඔහුට කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් පෙනහළු මගින් සිදුකරන වායු හුවමාරුවේ ගැටලුවක් ඇති වී තිබිණි.

එක්මෝ යන්ත්‍රයක් ඇති එකම රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල නිසාම ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබිණි.
වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ පවුලේ කිහිප දෙනෙකුට ද මේ වනවිට කොරෝනා ආසාදනය වී ප්‍රතිකර ලබමින් සිටිති.

ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි ගයාන් දන්තනාරායන මහතාගේ පියා ද වෛද්‍යවරයෙකි.මෙරට කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වෛද්‍යවරයෙකු මියගිය ප්‍රථම අවස්ථාව වෙයි

Leave A Reply

Your email address will not be published.