යාල වනෝද්‍යානය තුළ VIP රඟපෑම්

දේශපාලනයේ ලොකු ලොක්කන්ගෙ පුත්තු / හිතවත්තු යාල ඇවිල්ලා මෙහෙම පිස්සු කෙලිද්දි Park එක බලාගන්න අය අහක බලන් හිටියද?

තාම දැනුවත් නැද්ද කියල තමා අහන්න තියෙන්නෙ? අපි ජීප් එකෙන් කකුලවත් එලියට දාන්න නෑ. ඒ තරම් අපි වනෝද්‍යාන නීති වෙනුවෙන් සහ සතුන් වෙනුවෙන් කැප වෙනව. එක එකා ඇවිල්ලා තහනම් තැන් වලින් Off Road සෙල්ලම් දාද්දි මේව වල ඉන්න අහිංසක සත්තුන්ට මොකද වෙන්නෙ? මන් දැක්ක මේකෙ මුන්ගෙ Video වල පාර්ක් එක ඇතුලෙ Speed එක අනිවාරෙන් 60kmph පැනල / කැලේ ඇතුලෙ වාහනෙන් බැහැල / ජීප් එකේ හිටගෙන යෑම තහනම් උනත් මුන් එහෙම යනව.

කිඹුල් පැටව් වගේ වටින සම්පත් ඉන්න දිගන් වල වගේ තැන් වලින් මැද්දෙන්ම දානව. මේවට වගකියන්නෙ කවුද? මේ තරම් සාක්ෂි තියෙද්දි අදාළ නිළධාරීන් නීතිය ඉටු කරන්න බයද? මේවට නීතිය ඉටු නොකලොත් යාල අනාගතය බොහොම දරුණු වෙයි. මුන් වගේ උන් නිසා අහිංසක සතුන්ට වන්දි ගෙවන්න වෙයි.

යාල වනෝද්‍යානය තුළ මේ ව සිදු වන කල් බලධාරීන් මුණිවත රකින්නේ ඇයි….

යාල වනෝද්‍යානය භාර වන ජීවී නිලධාරීන් බයද මේවට එරෙහිව කටයුතු කරන්න….

ගයාන් කහදමෝදර…

Leave A Reply

Your email address will not be published.