සිරිපා කරුණා කරන සුන්දර එරත්න මාර්ගය අපට අහිමි වෙයිද………

දෙයියන්ගේ නාමෙන් පයින් යන්න බැරි කවුරු හරි ඉන්නවානම් හැටන් වලින් ගිහින් කරුණා කරන්ඩ. පයින් යන්ඩ අමාරුයි කියලා මේ වනාන්තරේ පලි නෑනේ. මේක ලංකාවෙ නෙවෙයි ලොකෙන්ම තියෙන වටිනාම ස්වාභාවික රක්ෂිතයක්.

 

මේකේ ගස් ටික කපලා පාර හදලා ජෛව පද්ධතිය විනාශ කරන්න එපා. ඊළඟට මගුල් නටලා මාසෙකට සැරයක් ඉස්කෝලෙට ජනාධිපතිව ගෙන්නලා සර් අපේ වන අලි ප්‍රශ්නෙට විසදුමක් දෙන්න කියලා කියාගනින්. මෙච්චර කල් සිර්පා කරුණා වත් ලස්සනට කෙරුනා ගමේ මිනිස්සුත් ලස්සනට ආදායමක් ලබාගත්තා මේ වනනාතරෙත් කොහොමින් හරි තිබුනා.

සිරි පතුල මුවාවෙන් මේ පරිසර පද්ධතිය වට්ටන්න එපා ලොකු පවක්.

අපෙන් මේ වනාන්තරේටවත් මේ වනනාතරෙන් අපිටවත් කරදරයක් නැතිව මෙච්චර කල් පාඩුවේ හිටියා. ඕනිම දෙයක් සීමාවක් ඇතිව තියා ගැනීමයි වැදගත්.

මාසෙකට සැරයක් රත්තරං බිත්තර දාපු තාරාවගෙන් එකපාර බිත්තර ගන්න ඌ මරලා බඩ පැලුවා හා සමාන දෙයක් තමයි මේ කරන්න හදන්නේ..

පිරිසක් අනිවාරයෙන් මේ සිරිපා මලුවට පාර කපමු කියන අදහසේ ඉන්නවා.. ඒත් එක මහා අපරාධයක්.

තරුණ කාලේ මේකේ පයින් ගියානම් දැන් යන්ඩ අමාරුයිනම් හැටන් වලින් ගිහින් වැදලා එන්න.

ඒකත් නොගියා කියලා නිවනට වැට බැදෙන්නේ නැති විත්තිය මේ බුදු දහමෙන් වවන් කන උන්දෙලා තේරුම් ගත්තොත් හොදයි.

ගයාන් කහදමෝදර

Leave A Reply

Your email address will not be published.