වරාය රැකගැනීමට ජාතික භික්ෂු පෙරමුණ සත්‍යග්‍රහයක

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ සූදානමට විරෝධය පළකරමින් ජාතික භික්ෂු පෙරමුණ අද (01) පෙරවරුවේ සිට පිටකොටුව බෝධි රාජ විහාරය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක නිරත වේ.

සත්‍යග්‍රහයේ සිටින භික්ෂූන් වහන්සේලා අද දහවල් දානයද ප්‍රතික්ෂේප කරමින් විරෝධතාවටය එක්ව සිටිති. සත්‍යග්‍රහයට එක්ව සිටින ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමි එහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් “වර්තමාන ආණ්ඩුව මේ වනවිට රටේ ජාතික සම්පත් විකුණා දැමීම සඳහා එකින් එක ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. එහි ප්‍රධාන එකක් තමයි ශ්‍රී ලංකා වරාය. අපිට තිබෙන ජාතික ධන නිධානයක් තමයි මේ විකුණන්න යන්නේ. මේ ජාතික වස්තුව රැකගැනීම සඳහා වන සටනේ හැමතැනම මේ මහා සංඝරත්නය වැඩසිටිනවා. ඉදිරිපත් වෙනවා. සටන් වදිනවා. මහජනයා සමග අත්වැල් බැඳගන්නවා. මේ ආණ්ඩුව මේ හඬට ඇහුම්කන් දෙන්නේ නැතිනම් ආණ්ඩුව පළවා හැරීමේ ක්‍රියාමාර්ගය උත්සන්න කරන්න මේ වරාය විකිණීමට එරෙහි සටනින් ආරම්භ කරනවා.” යනුවෙන් පැවසීය.

Leave A Reply

Your email address will not be published.