තවත් කොවිඩ් ආසාදිත මරණ 7ක්, සමස්ත මරණ 323 ක්
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (01) දිනයේ තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.
මෙම මරණ 7 ත් සමඟ වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 323 ක් දක්වා ඉහළ ගියේය.
මියගිය පිරිස අතර වත්තල, නුගේගොඩ, කොළඹ 2, උඩුගම්පල, පොළොන්නරුව , මඩවල, ගෙලිඔය පදිංචිකරුවන් වෙයි.