මියන්මාරය හමුදා පාලනයක

මියන්මාරයේ පාලනය තමන් යටතට පවරාගත් බව එරට යුද හමුදාව මේවන විට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ නායිකා අවුන් සාන් සුකී මෙන්ම එරට ජනාධිපති වින් මයින්ට් ඇතුළු දේශපාලන නායකයින් පිරිසක් අද(01) උදෑසන යුද හමුදා භාරයට ගෙන ඇති බවයි එරටින් වාර්තා වූයේ. රජයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා සිටියේ රාජ්‍ය නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව එරට යුද හමුදාව විසින් පාලනය සියත්ටගත් බවට  ප්‍රකාශය සිදුකර ඇති බවයි.

මීට පෙර 2011 වර්ෂයේදී ද මියන්මාරය තුළ හමුදා පාලනයක් පැවතුණි.

2020 නොවැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයෙන් අනතුරුව අවුන්සාන් සුකී ප්‍රමුඛව පළමු වරට අද එරට පාර්ලිමේන්තුව රැස්විමට නියමිතව තිබුණි. එහෙත් ඊට පෙර අද (01) දිනයේ එරට පාර්ලිමේන්තුව කැඳවිමට විරෝධය පළ කරමින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි හමුදා අංශ පවසා සිටින්නේ.

මියන්මාරයේ වර්තමාන හමුදා ප්‍රධානියා වන්නේ මින් අවුන්ග් හේලින්ග් ය.

Leave A Reply

Your email address will not be published.