ජැටිය රැකගැනීමට සත්‍යග්‍රහයක්. උද්ඝෝෂණ රැසක්

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රැකගැනීම සඳහා වන ජාතික අරගලයට ශක්තිය එක්කරන සහය පළකරන විරෝධතා සත්‍ය ග්‍රහයක් පැවැත්වීමට ජාතික භික්ෂු පෙරමුණ සූදානමින් සිටියි. අද (01) දින, පෙ.ව. 10.30 ට මෙම විරෝධතා සත්‍යග්‍රහය පැවැත්වේ. කොළඹ පිටකොටුව බෝධිය පැවැත්වෙන මෙම විරෝධතා සත්‍යග්‍රහයට ශ්‍රී ලංකාවේ ජාතික සම්පත් බිලිදීමට එරෙහි ගිහි පැවිදි, පූජ්‍ය පූජක බොහෝ පිරිසක් සහභාගිවීමට නියමිත බවයි ජාතික භික්‍ෂු පෙරමුණ ප්‍රධන ලේකම්, වකමුල්ලේ උදිත හිමි පවසන්නේ.

මේ අතර කොළඹ වරායේ කොටස් ඉන්දියාව හෝ වෙනත් රටකට හෝ සමාගමකට හෝ ආයෝජනය සඳහා යැයි පවසමින් පැවරීමට එරෙහිව දැනටමත් පවතින විරෝධතාවලට සමගාමීව පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවක් අද (01) දහවල් රටපුරා දිස්ත්‍රික්ක සියල්ලම පාහේ ආවරණය වන පරිදි දවල් 12.00 ට පවත්වනු ලබන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එහි ලේකම් මහින්ද ජයසිංහ පවසන පරිදි එම උද්ඝෝෂණ පහත ස්ථාන වල පැවැත්වීමට දැනටමත් සැලසුම් කර තිබේ.

අම්පාර විදුලි බල මණ්ඩලය ඉදිරිපිට, මොණරාගල මැදගම නගරය, ගාල්ල දිස්ත්‍රිරික්කයේ ගාල්ල නගරය, ගාල්ල වරාය ඉදිරිපිට හා බද්දේගම, හබරාදුව, හලාවත රෝහල ඉදිරිපිට, පුත්තලම නගරය, වෙන්නප්පුව හා ආණමඩුව නගර, අනුරාධපුර DS වටරවුම, පොළොන්නරුව නගරය හා මැදිරිගිරිය නගරය, ත්‍රීකුණාමලය වරාය ඉදිරිපිටිය, කුරුණෑගල හා කුලියාපිටිය නගරය, රත්නපුරය, ඇඹිලිපිටිය නගර, හම්බන්තොට, බෙලිඅත්ත සහ අම්බලන්තොට නගර, මාතර, කඹුරුපිටිය නගර, මාතලේ නගරය, නුවරඑළිය දිස්ත්‍රිරික්කයේ රාගල නගරය දැනට ඒ සඳහා සුදානම් පවයි පැවසෙන්නේ. මිට අමතරව ගම්පහ දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වෙන උද්ඝෝෂණය අද සවස 4.00 ට පැවැත්වෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

Leave A Reply

Your email address will not be published.