මරණීය දණ්ඩනය කල් දාන්න අධිකරණයෙන් නියෝගයක්

ලබන ඔක්තෝබර් 30 වන දින තෙක් ක්‍රියාත්මක වන පරිදි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් අද (05) නිකුත් කළේය. ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත.

එසේම මරණීය දණ්ඩනය නියම කර බන්ධනාගාරගතව සිටින කිසිදු සිරකරුවෙකුට මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමක් සම්බන්ධයෙන් මේ වන තෙක් ජනාධිපතිගෙන් නියෝගයක් ලැබී නැති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි. අභියාචනාධිකරණය හමුවේ ටී.එම්.ඩබ්ලිව්. තෙන්නකෝන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කල යුතු දිනය, වේලාව, ස්ථානය අදී කිසිම තොරතුරක් තමනට ලැබී නැති බවයි. මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට විරුද්ධව ගොණු කර තිබූ ඉහත කී පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල පවසන්නේ මරණීය දණ්ඩනය පිළිබඳ කිසිදු නිල දැනුම්දීමක් තමන් වෙත ලැබී නොමැති බවයි. මාධ්‍ය වලින් දුටු තොරතුරු වලට වඩා වැඩි යමක් තමන් නොදන්නා බවත් ඇමතිවරිය මාධ්‍ය වෙත පවසා තිබුණි.

Leave A Reply

Your email address will not be published.

two + 16 =